2 කොරින්ති
3 අප කවුද කියාත් අපගේ සුදුසුකම් මොනවාද කියාත් ඔබට නැවත පැහැදිලි කළ යුතුද?+ එසේ නැත්නම් ඇතැම් මිනිසුන්ට අවශ්‍ය වන ආකාරයට ඔබට පෙන්වීමට හෝ ඔබෙන් ලබාගැනීමට අපට යම් සහතිකපත් අවශ්‍යද?+ 2 අපට තිබෙන සහතිකපත ඔබය.+ ඔබ පිළිබඳ වාර්තාව අපගේ හදවත්වල ලියා ඇත. එමෙන්ම මෙම සහතිකපත ගැන සියලුම මිනිසුන් දන්නා අතර ඔවුහු එය කියවති.+ 3 ඇත්තෙන්ම ඔබ ක්‍රිස්තුස්ගෙන් ලැබුණු සහතිකපතක් හා සමානය. එය ලියනු ලැබුවේ දේවසේවකයන් වන අප විසිනි.+ ලිවීම සඳහා භාවිත කළේ තීන්ත නොව ජීවමාන දෙවිගේ බලයයි.+ එය ලිව්වේ ගල් පුවරු මත නොව+ හදවත් නමැති පුවරු මතයි.+
4 ක්‍රිස්තුස් මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ එය නිසැකවම පැවසිය හැක.+ 5 එහෙයින් අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවිය.+ එම සුදුසුකම් අපගේ වෑයමෙන් ලබාගත් දෙයක් නොවන නිසා ඒ සඳහා අපට ගෞරවය හිමි විය යුතු නැත.+ 6 දෙවි අපට මෙසේ නිසි සුදුසුකම් ලබා දී තිබෙන්නේ අලුත් ගිවිසුමක දේවසේවකයන් වීමටය.+ එහෙයින් අපි ලිඛිත නීති මාලාවකට සම්බන්ධ වී සිටින දේවසේවකයන් නොව+ දෙවිගේ බලය ඇති දේවසේවකයෝ වෙමු.+ මන්ද ඒ ලිඛිත නීති මාලාව කෙනෙකුව මරණයට සුදුස්සෙකු කරයි.+ නමුත් දෙවිගේ බලය ජීවනය ලබා දෙයි.+
7 ගල්වල කොටන ලද+ මරණය ගෙන දෙන නීති මාලාව+ ලබා දුන් අවස්ථාවේදී පවා තේජසක් දැකගත හැකි විය.+ මෝසෙස්ගේ මුහුණෙන්ද දැකගත හැකි වූ ඒ තේජස මොන තරම්ද කිවහොත් ඔහු දෙස බලා සිටීමට ඊශ්‍රායෙල්වරුන්ට නොහැකි විය.+ නමුත් පසුව ඒ තේජස නැති වී ගියේය. 8 එසේනම් දෙවිගේ බලය ලබා දෙන විට+ ඊටත් වඩා තේජසක් තිබිය යුතු නොවේද?+ 9 මන්ද කෙනෙකුව මරණයට සුදුස්සෙකු බව ඔප්පු කරන නීති මාලාව+ ලබා දුන් විට පවා මහත් තේජසක් දැකගත හැකි වී නම්+ කෙනෙකුව ධර්මිෂ්ඨ කරන විට+ එය ඊටත් වඩා මහත් තේජසක් ඇතුව සිදු විය යුතුයි.+ 10 ඇත්තෙන්ම කලක් තේජසින් යුතුව තිබුණු දෙයෙහි තේජස දැන් නැති වී තිබේ.+ එසේ වූයේ නීතියෙහි තේජසට වඩා උතුම් තේජසක් පැමිණ තිබෙන නිසාය.+ 11 නැති කර දැමීමට නියමිත වූ දෙයට තේජසක් තිබුණා නම්+ දිගටම පවතින දෙයට ඊටත් වඩා තේජසක් තිබිය යුතුයි.+
12 ඒ සම්බන්ධයෙන් අපටත් බලාපොරොත්තුවක් තිබෙන නිසා+ කිසි බියක් සැකක් නැතුව මහත් නිදහසකින් යුතුව කතා කිරීමට අපට පුළුවන. 13 මෝසෙස් මෙන් අප වැස්මකින් අපගේ මුහුණ වසාගන්නේ නැත.+ ඔහුට එසේ කරන්න සිදු වූයේ නැති වී යෑමට නියමිත වූ දෙයක් ලබා දුන් අවස්ථාවේදී තම මුහුණෙන් දිස් වූ තේජස දෙස බලා සිටීමට ඊශ්‍රායෙල්වරුන්ට නොහැකි වූ නිසාය.+ 14 ඔවුන්ගේ කල්පනා ශක්තිය මොට වී තිබිණ.+ ඔවුන් අද වන තුරුත් පරණ ගිවිසුමෙන්+ කියෙව්වත් ඔවුන්ගේ මනස්වලින් එම වැස්ම ඉවත් වී නැති බව පැහැදිලියි. මන්ද එම වැස්ම ඉවත් කළ හැක්කේ ක්‍රිස්තුස් මාර්ගයෙන් පමණි.+ 15 ඇත්තෙන්ම අද වන තුරුත් මෝසෙස්ගේ ලියවිලි කියවන විට+ ඔවුන්ගේ සිත්වල වැස්මක් තිබේ.+ 16 නමුත් කෙනෙක් යෙහෝවා දෙවි වෙතට හැරෙන විට ඒ වැස්ම ඉවත් කරනු ලැබේ.+ 17 යෙහෝවා දෙවි නොපෙනෙන දෙවි කෙනෙකි.+ එලෙසම යෙහෝවා දෙවිගේ+ බලය+ ඇති තැන නිදහස ඇත.+ 18 අප+ කිසිවෙකුගේ මුහුණුවල වැස්මක් නැති නිසා යෙහෝවා දෙවිගේ තේජස පිළිබිඹු කරන කැඩපත් හා සමාන වීමට+ අපට හැකි වී තිබේ. එසේ කරන විට අප තව තවත් ඔහුගේ ස්වරූපයට අනුව+ හැඩගැසෙන අතර+ අපගෙන් පිළිබිඹු වන තේජසද තව තවත් වැඩි වේ.+ ඇත්තෙන්ම මේ වෙනස සිදු වන්නේ නොපෙනෙන යෙහෝවා දෙවි+ කැමති ආකාරයටමය.