යෙසායා
41 “දූපත්වල වැසියෙනි, නිහඬව සිට මා පවසන දේට සවන් දෙන්න.+ විවිධ ජාතීන්ට අයත් ජනයෙනි,+ ශක්තිය උපදවාගෙන මා ඉදිරියට පැමිණෙන්න.+ මා ළඟට පැමිණ කතා කරන්න. මා දෙන තීන්දුවට සවන් දෙන්න.+
2 “නැඟෙනහිර දෙසින් බලවන්තයෙකුව කැඳෙව්වේ කවුද?+ ධර්මිෂ්ඨ අරමුණක් ඉටු කරගැනීම සඳහා ඔහුව කැඳවා, ජාතීන්වත් රජවරුන්වත් ඔහුට යටත් කර දුන්නේ කවුද?+ ඔහු තම කඩුවෙන් පහර දී දූවිලි මෙන් ඔවුන්ව විසුරුවාහැරියේය. ඔහු තම දුන්නෙන් විද ඔවුන්ව පිදුරු මෙන් ගසාගෙන යන්න සැලැස්වූවේය.+ ඒ සඳහා ඔහුට අවසර ලැබුණේ කාගෙන්ද? 3 ඔහු තමන් පය නොතැබූ මාර්ගයක් දිගේ කිසි අනතුරක් නොමැතිව ඔවුන් පසුපස ලුහුබැඳ ගියේය. 4 ඒ සියල්ල ඉටු කළ තැනැත්තා කවුද?+ මූලාරම්භයේ පටන් තම කැමැත්තට එකඟව පරම්පරා බිහි කළ තැනැත්තා කවුද?+
“ඒ, යෙහෝවා දෙවි වන මමය. මා පළමුවැනියාය.+ අවසාන පරම්පරාව දක්වාම මම වෙනස් නොවෙමි.”+
5 දූපත්වල+ වැසියෝ එය දැක බියෙන් සලිත වූහ. පොළොවේ ඈත සීමාවල සිටින ජනයා බියෙන් වෙවුලන්න පටන්ගත්තෝය.+ ඔවුහු සියලුදෙනාම එකතු වී ඉදිරියට ආවෝය. 6 ඔවුහු එකිනෙකාට සහය වෙමින්, “ශක්තිමත් වෙන්න”+ කියා තමන්ගේ සහෝදරයන්ව දිරිගැන්වූහ. 7 වඩුවා කම්මල්කරුව+ ශක්තිමත් කළේය. මිටියෙන් දේවතා රූපය මට්ටම් කරන තැනැත්තා, “ඔබ හොඳට පාස්සනවා” කියමින් ලෝහ පාස්සන තැනැත්තාව දිරිමත් කළේය. අවසානයේදී, රූපය නොවැටෙන සේ ඇණ ගසා සවි කළේය.+
8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+ 9 මම ඔබගේ අතින් අල්ලාගෙන පොළොවේ ඈත කෙළවරේ සිට ඔබව ගෙනාවෙමි.+ මම ඔබව කැඳවාගෙන මෙසේ කීවෙමි. ‘මම ඔබව ප්‍රතික්ෂේප නොකළෙමි.+ ඔබව මාගේ සේවකයා+ ලෙස තෝරාගත්තෙමි.+ 10 භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි.+ කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.+ මම ඔබව ශක්තිමත් කරන්නෙමි.+ ඔබට පිහිට වන්නෙමි.+ ධර්මිෂ්ඨකම+ නමැති මාගේ දකුණතින්+ ඔබව තදින් අල්ලාගන්නෙමි.’
11 “ඔබට වෛර කරන සියලුදෙනාම නින්දාවට පත් වන්නෝය.+ ඔබට විරුද්ධව නැඟී සිටින අය විනාශ වී යන්නෝය.+ 12 ඔබ ඔවුන්ව සෙව්වත් ඔවුන්ව සොයාගත නොහැකි වෙයි. ඔබට විරුද්ධව සටන් කරන+ ඒ සියලුදෙනාම නැත්තටම නැති වී යන්නෝය.+ 13 මන්ද යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි.+ ‘භය නොවන්න,+ මම ඔබේ උපකාරයට සිටින්නෙමි’+ කියා ඔබට පැවසුවේ මමය.”
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි. 15 මම ඔබව මඩින යන්ත්‍රයක්+ මෙන් යොදාගන්නෙමි. ඔබ මුවහත් දැති ඇති අලුත් මඩින යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනු ඇත. ඔබ කඳු පාගා දමා ඒවා පස් ගොඩක් බවට පත් කරන්නෙහිය. හෙල්ද දහයියා මෙන් වීමට සලස්වන්නෙහිය.+ 16 ඔබ ඒ සියල්ල ධාන්‍ය මෙන් පොළන්නෙහිය.+ ඒවා සුළඟට ගසාගෙන යයි.+ කුණාටුවක් හමා ඒ සියල්ල ඒ මේ අත විසුරුවාහරියි.+ එහෙත් යෙහෝවා දෙවි වන මා නිසා ඔබ බොහෝ සෙයින් සතුටට පත් වන්නෙහිය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරන්නෙහිය.”+
17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+ 18 මම පාළු කඳු දිගේ ගංගා ගලා බසින්න සලස්වන්නෙමි. තැනිතලා මැද දිය උල්පත් උනන්න සලස්වන්නෙමි.+ පාළුකරය දිය පොකුණක් මෙන් වෙයි. කාන්තාරයද දිය පහරවලින් ගහන වෙයි.+ 19 මම පාළුකරයේ දේවදාර, ෂිටිම්, මරඳ සහ පයින් ගස් වැවෙන්න සලස්වන්නෙමි.+ කාන්තාරයේ ජුනිපර් ගස්ද හල් ගස්ද සයිප්‍රස් ගස්ද වැවෙන්න සලස්වන්නෙමි.+ 20 මේ සියල්ල දකින විට ජනයා මා කළ දේ ගැන ගැඹුරින් සිතා බලා තමන්ගේ අවබෝධය වැඩි කරගනිති. මේ සියල්ල ඉටු කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වූ යෙහෝවා දෙවි වන මා බව ඔවුහු වටහාගනු ඇත.”+
21 යාකොබ්ගේ රජු+ වන යෙහෝවා දෙවි ඔබට මෙසේ ආරාධනා කරයි. “ඉදිරියට පැමිණ ඔබේ සාක්ෂි ඉදිරිපත් කරන්න.+ ඔබේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.+ 22 ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් ගැන ඔබ දන්නවා නම් කියන්න. මූලාරම්භයේ සිට සිදු වූ දේවල් ගැනත් කියන්න. එවිට අපි ඒවා ගැන හොඳින් සිතා බලා අවසානයේදී සිදු වීමට යන දේ වටහාගන්නෙමු. එසේත් නැත්නම්, ඔබම ඒ දේවල් ගැන අපිට කියා දෙන්න.+ 23 අනාගතය ගැන නිවැරදිව අපිට කියා දුන්නොත් ඔබ දෙවිවරුන් කියා අපි පිළිගන්නෙමු.+ යහපත් ක්‍රියාවක් හෝ නපුරු ක්‍රියාවක් හෝ සිදු කර ඔබේ බලය ඔප්පු කර අපව පුදුමයට පත් කරන්න.+ 24 ඔබ කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුන්ය. ඔබට කිසිවක් ඉටු කළ නොහැකිය.+ ඔබට නමස්කාර කරන අය පිළිකුලකි.+
25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+
26 “අනාගතයේදී සිදු වීමට යන මේ දේවල් ගැන කිසිවෙකු පවසා ඇද්ද? අතීතයේ සිටම මේ දේවල් ගැන පැවසූ කෙනෙකු සිටියිද? එවැනි කෙනෙකු සිටී නම් ‘ඔහු කී දේ එලෙසම ඉටු වුණා’+ කියා අපට කිව හැකිය. එහෙත් එවැනි ප්‍රකාශයක් කළ හැකි එක් කෙනෙකුවත් ඔබ අතරේ නැත. ඔබේ මුවින් එක වචනයක්වත් පිට කළ නොහැකිය.”+
27 පළමුවැනියා මමය. මම සියොන් නුවරට, “අර බලන්න! ඔවුන් දැනටමත් ඇවිත් සිටිනවා”+ යයි කියන්නෙමි. මම යෙරුසලම වෙතට ශුභාරංචි රැගෙන යන තැනැත්තෙකුව යවන්නෙමි.+
28 මම ඔවුන්ව සෝදිසි කර බැලුවෙමි. නමුත් මඟ පෙන්වීම් දිය හැකි කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+ මම ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවෙමි. එහෙත් උත්තරයක් නොලැබුණි. 29 ඔවුහු කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුය. ඔවුන්ට කිසිවක් කළ නොහැකිය. ඔවුන්ගේ දේවතා රූප සුළඟ මෙනි. ඒවායින් කිසි පලක් නැත.+