ගීතාවලිය
115 යෙහෝවා දෙවියනි, ගෞරවය ලැබීමට තරම් අපි වටින්නේ නැත.+
නමුත් ඔබේ නාමය ගෞරවයට පත් කරන්න.+
ඔබේ අතිමහත් ප්‍රේමය* නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත් එසේ කරන්න.+
5 ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+
ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+
6 ඒවාට කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත.+
නාසයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැත.+
7 ඒවාට අත් ඇත. නමුත් කිසිවක් ඇල්ලීමට නොහැකිය.+
පාද ඇත. නමුත් ඇවිදීමට නොහැකිය.+
උගුරෙන් කිසිම හඬක් නික්මෙන්නේ නැත.+
10 ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+
ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+
11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+
ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+
12 යෙහෝවා දෙවි අපව සිහි කළේය. ඔහු අපට ආශීර්වාද කරන්නේය.+
ඔහු ඊශ්‍රායෙල්ගේ පෙළපතට ආශීර්වාද කරන්නේය.+
ඔහු ආරොන්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරන්නේය.+
14 යෙහෝවා දෙවි ඔබේ පෙළපත ගණනින් වැඩි කරන්නේය.+
ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් දරු සම්පතින් ආශීර්වාද කරන්නේය.+