දාවිත් රචනා කළ ගීතයකි.
26 යෙහෝවා දෙවියනි, මා ඔබට විශ්වාසවන්තව සිටින බැවින්+ මට යුක්තිය ඉටු කර දෙන්න.+
නොසෙල්වී ස්ථිරව සිටින පිණිස මම යෙහෝවා දෙවි වන ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමි.+
2 යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරන්න. මා කෙබඳු කෙනෙක්දැයි සෝදිසි කර බලන්න.+
මාගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි තව තවත් පවිත්‍ර කරන්න.+
3 ඔබේ ප්‍රේමය නිතරම මා ඉදිරියේ තිබේ.
සත්‍යය නමැති ඔබේ මාර්ගයේ මම ගමන් කරන්නෙමි.+
4 වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි.+
තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.+
5 නපුරු මනුෂ්‍යයන්ගේ ආශ්‍රයට මම ද්වේෂ කළෙමි.+
දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.+
6 මාගේ නිදොස් බව පෙන්වීමට මම මාගේ දෑත් සෝදාගන්නෙමි.+
යෙහෝවා දෙවියනි, මම ඔබේ පූජාසනය වටා ඇවිදින්නෙමි.+
7 මාගේ ස්තුති ප්‍රශංසා සියල්ලන්ට ඇසෙන පිණිසත්+
ඔබේ සියලු පුදුම ක්‍රියා ප්‍රකාශ කරන පිණිසත් එසේ කරන්නෙමි.+
8 යෙහෝවා දෙවියනි, ඔබ වාසය කරන ඔබේ ගෘහයටද+
ඔබේ තේජස තිබෙන ස්ථානයටද මම බොහෝ සෙයින් ඇලුම් කරමි.+
9 පව්කාරයන් සමඟ මාගේ ජීවිතය විනාශ නොකරන්න.+
ලේ වැගිරවූ අය සමඟ මාගේ ජීවිතය නැති නොකරන්න.+
10 ඔවුන්ගේ දෑත්වල දුෂ්ටකම ඇත.+
ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරී ඇත.+
11 නමුත් මම ඔබට විශ්වාසවන්තව ජීවත් වුණෙමි.+
අනේ, මට කරුණාව පෙන්වා+ මාව මුදවාගන්න.+
12 එවිට සමතලා බිමක ගමන් කිරීමට මට හැකි වනු ඇත.+
රැස්ව සිටින සෙනඟ සමඟ මමද යෙහෝවා දෙවි වන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+