උත්පත්ති
10 නෝවාගේ පුත්‍රයන්+ වන ෂෙම්, හාම් සහ යාෆෙත්ගේ පෙළපත් වාර්තාව මෙයයි.
මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට දාව පුත්‍රයෝ උපන්නෝය.+ 2 යාෆෙත්ගේ පුත්‍රයන්ගේ නම් ගොමෙර්,+ මාගොග්,+ මාදයි,+ යාවාන්,+ තූබල්,+ මෙෂෙක්+ සහ තීරස්+ යන අයයි.
3 ගොමෙර්ගේ පුත්‍රයන්ගේ නම් අෂ්කෙනස්,+ රිෆත්+ සහ තොගර්මා+ යන අයයි.
4 යාවාන්ගේ පුත්‍රයන්ගේ නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්+ යන අයයි.
5 ඔවුන්ගෙන් පැවත එන අය විවිධ දූපත්වලට විසිර ගියෝය. තම තමන්ගේ භාෂාවට අනුවද තම තමන්ගේ පවුල්වලට අනුවද තම තමන්ගේ ජාතියට අනුවද තම තමන්ගේ දේශයන්හි ඔවුහු විසිර ගියෝය.
6 හාම්ගේ පුත්‍රයන්ගේ නම් කූෂ්,+ මිස්රයිම්,+ පූට්+ සහ කානාන්+ යන අයයි.
7 කූෂ්ගේ පුත්‍රයන්ගේ නම් සෙබා,+ හවිලා, සබ්තා, රයමා+ සහ සබ්තෙකා යන අයයි.
රයමාගේ පුත්‍රයන්ගේ නම් ෂෙබා සහ දෙදාන්ය.+
8 කූෂ්ට නිම්රොද්+ නමින් හැඳින්වූ පුත්‍රයෙක්ද සිටියේය. පොළොවේ බලවන්තයෙකු වූ මුල්ම තැනැත්තා මොහුය. 9 යෙහෝවා දෙවිට එරෙහිව නැඟී සිටි ඔහු, බලවත් දඩයක්කාරයෙක් විය. “යෙහෝවා දෙවිට එරෙහිව සිටි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් මෙනි” යන කියමන ඇති වූයේ ඒ නිසාය.+ 10 ඔහු ෂීනාර්+ දේශයේ රාජ්‍යයක් පිහිටෙව්වේය. ඊට බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ යන නගර ඇතුළත් විය. 11 ඔහු ඒ දේශයේ සිට ඇසිරියාවට+ ගොස් නිනිවය,+ රෙහොබොත්-ඊර් සහ කාලා යන නගර ගොඩනඟන්න පටන්ගත්තේය. 12 ඔහු නිනිවය සහ කාලා අතර රෙසෙන් යන නගරය ගොඩනැඟුවේය. ඒ නගර විශාල නුවරක් ලෙස ගණන් ගනු ලැබීය.*
13 මිස්‍රයිම්ගේ+ පුත්‍රයන් නම් ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 14 පත්රුසිම්,+ (ෆිලිස්තිවරුන්ගේ+ ආදිපියා වූ) කස්ලූහිම්+ හා කප්තෝරිම්+ යන අයයි.*
15 කානාන්ගේ කුලුඳුල් පුත්‍රයා සීදොන්ය.+ කානාන්ට හෙත්+ යන නමින්ද පුත්‍රයෙක් සිටියේය. 16 එමෙන්ම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්, 17 හිවීයවරුන්,+ අර්කිවරුන්, සීන්වරුන්, 18 අර්වාදිවරුන්,+ ෂෙමාරිවරුන් හා හමාතිවරුන්+ යන අය පැවතෙන්නේද කානාන්ගෙනි. පසුව කානානිවරුන්ගේ පවුල් විසිර ගියෝය. 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය. 20 තම තමන්ගේ පවුල්වලටද භාෂාවලටද ජාතීන්ටද අනුව තම තමන්ගේ දේශවල ජීවත් වූ හාම්ගේ පුත්‍රයෝ ඔවුහුය.
21 වැඩිමලා වූ යාෆෙත්ගේ සහෝදරයා වූ ෂෙම්ටද දරුවෝ සිටියෝය. ඒබර්ගෙන්+ පැවත ආ සියලුදෙනාගේම ආදිපියා ෂෙම්ය. 22 ෂෙම්ගේ පුත්‍රයන්ගේ නම් ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම් යන අයයි.
23 ආරම්ගේ පුත්‍රයන්ගේ නම් ඌෂ්, හුල්, ගෙතෙර් සහ මෂ්+ යන අයයි.
24 ආර්පක්සද්ගේ පුත්‍රයා ෂේලාය.+ ෂේලාගේ පුත්‍රයා ඒබර්ය.
25 ඒබර්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. එක් කෙනෙකුගේ නම පේලෙග්ය.*+ ඔහුට එම නම තැබුවේ ඒ කාලයේ පොළොවේ යම් භේදයක් හටගත් නිසාය.+ ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.+
26 යොක්තාන්ගේ පුත්‍රයන් නම් අල්මෝදාද්, ෂෙලෙප්, හසර්මාවෙත්, යේරා,+ 27 හදොරාම්, ඌසාල්, දික්ලා,+ 28 ඔබාල්, අබිමායෙල්, ෂෙබා,+ 29 ඕෆීර්,+ හවිලා+ සහ යෝබාබ්+ යන අයයි.
30 ඔවුන්ගේ වාසස්ථාන මේෂා සිට සේෆාර් නම් වූ නැඟෙනහිර දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශය දක්වා පැතිර ගියේය.
31 තම තමන්ගේ පවුල්වලටද භාෂාවලටද ජාතීන්ටද අනුව තම තමන්ගේ දේශවල ජීවත් වූ ෂෙම්ගේ පුත්‍රයෝ ඔවුහුය.+
32 නෝවාගේ පුත්‍රයන්ගෙන් පැවත ආ පවුල් ඒවාය. මහා ජලගැල්මෙන් පසු පොළොව පුරා පදිංචි වූ සියලු ජාතීන් පැවත ආවේ ඔවුන්ගේ පවුල්වලිනි.+