දාවිත් රචනා කළ ගීතයකි.
24 පොළොව හා එහි ඇති සියල්ල+
එසේය, භූමිය හා එහි සියලු ජීවීන් යෙහෝවා දෙවිට අයිතිය.+
2 ඔහු භූමිය මුහුදට ඉහළින් පිහිටෙව්වේය.+
ගංගාවන්ට ඉහළින් එය ස්ථිරව තැබුවේය.+
3 යෙහෝවා දෙවිගේ කන්දට නැඟිය හැක්කේ කාටද?+
ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් විය හැක්කේ කාටද?+
4 පිරිසිදු සිතක් ඇති, නිර්දෝෂ ජීවිතයක් ගත කරන තැනැත්තාටය.+
මාගේ නාමයට අගෞරවයක් ගෙන නොදුන්,+
වංක ලෙස දිවුරුම් නොදුන් තැනැත්තාටය.+
5 ඔහුට යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබෙන්නේය.+
ගැලවීම සලසා දෙන ඔහුගේ දෙවි ඔහු ධර්මිෂ්ඨයෙකුයයි ප්රකාශ කරන්නේය.+
6 දෙවිගේ මඟ පෙන්වීම් පතන්නේ එවැනි අයය.
යාකොබ්ගේ දෙවිගෙන් උපකාර ඉල්ලන්නේ ඔවුන්ය.+ සීලාහ්.
7 “දොරටුවෙනි,+ තේජවත් රජුට ඇතුල් වීමට හැකි වන සේ
ඔබේ හිස් ඔසවන්න!+
පුරාණ දොරටුවෙනි, නැඟිට ඉඩ සලසා දෙන්න!”+
8 “මේ තේජවත් රජු කවුද?”+
“ඒ වෙන කිසිවෙකු නොව ශක්තියෙන් හා බලයෙන් උසස් යෙහෝවා දෙවිය.+
යුද්ධයට දක්ෂ යෙහෝවා දෙවිය.”+
9 “දොරටුවෙනි, තේජවත් රජුට ඇතුල් වීමට හැකි වන සේ
ඔබේ හිස් ඔසවන්න!+
පුරාණ දොරටුවෙනි, නැඟිට ඉඩ සලසා දෙන්න!”+
10 “මේ තේජවත් රජු කවුද?”
“ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+ සීලාහ්.