ගණන් කතාව
25 ඊශ්‍රායෙල්වරුන් ෂිට්ටිම්හි+ ජීවත් වෙමින් සිටි කාලයේදී ඊශ්‍රායෙල් පුරුෂයෝ මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදෙන්න පටන්ගත්තෝය.+ 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+ 3 මෙසේ ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන් සමඟ පෙයෝර්හි බාල්+ දෙවියාට නමස්කාර කළෝය. එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය.+ 4 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟගේ ප්‍රධානීන්ව කැඳවන්න. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවිළී තිබෙන යෙහෝවා දෙවි වන මාගේ උදහස පහව යන පිණිස ඔවුන්ව මරා දමන්න. ඉන්පසු යෙහෝවා දෙවි වන මා ඉදිරියෙත් අන් සියල්ලන්ට පෙනෙන ලෙසත් ඔවුන්ගේ මළ සිරුරු එල්ලා තබන්න.”+ 5 මෝසෙස් ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුවන්ව කැඳවා ඔවුන්ට මෙසේ අණ කළේය.+ “ඔබ ගොස් පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළ සෑම මනුෂ්‍යයෙක්වම මරා දමන්න.”+
6 සිදු වූ දේ නිසා මුළු සෙනඟම සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ හඬා වැලපෙමින් සිටියෝය. නමුත් එක්තරා ඊශ්‍රායෙල් ජාතිකයෙක්+ මෝසෙස් හා මුළු සෙනඟ බලා සිටියදීම මිදියන් ජාතික ස්ත්‍රියකව+ කඳවුරට කැඳවාගෙන ආවේය. 7 පූජක ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ගේ පුත් පිනෙහාස්,+ ඔවුන්ව දුටු විගස හෙල්ලයක් අතට ගෙන 8 ඊශ්‍රායෙල් ජාතිකයාගේ කූඩාරම ඇතුළට දුව ගොස් දෙදෙනාටම එයින් ඇන මරා දැමුවේය. පිනෙහාස් මිදියන් ජාතික ස්ත්‍රියගේ බඩ පසාරු කරගෙන යන ලෙස ඇයට ඇන්නේය. ඉන්පසු දෙවි ඊශ්‍රායෙල් සෙනඟ පිටට ගෙනා වසංගතය නතර විය.+ 9 ඒ වසංගතයෙන් මිනිස්සු විසිහතරදහසක් මිය ගියෝය.+
10 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 11 “පූජක ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ නිසා මාගේ උදහස පහව ගියේය.+ ඊශ්‍රායෙල් සෙනඟ මට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔහු කොහෙත්ම ඉවසුවේ නැත. ඔවුන්ගේ ද්‍රෝහිකම් නතර කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ ඔහු එලෙස ක්‍රියා නොකළා නම් මම ඊශ්‍රායෙල් සෙනඟව විනාශ කර දමන්නෙමි. මන්ද වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය මම දැඩි ලෙස හෙළාදකිමි.+ 12 ඔබ මේ දේ ඔහුට කියන්න. ‘මම ඔහු සමඟ සාම ගිවිසුමක් ඇති කරගන්නෙමි. 13 ඔහු සහ ඔහුගෙන් පැවතෙන අය හැමදාටම පූජකයන් ලෙස මා ඉදිරියේ සේවය කරනු ඇත.+ තම දෙවිට විරුද්ධව+ කළ ද්‍රෝහිකම් ඔහු කිසිසේත් නොඉවසා ඊශ්‍රායෙල් සෙනඟ කළ පාපයට සමාව ලබාගන්නා පිණිස ක්‍රියා කළ බැවින්+ මම ඔහු සමඟ එම ගිවිසුම පිහිටුවාගන්නෙමි.’”
14 මිදියන් ජාතික ස්ත්‍රිය සමඟ මරා දැමූ ඊශ්‍රායෙල් ජාතික පුරුෂයාගේ නම සිම්රීය. ඔහුගේ පියා සිමියොන් ගෝත්‍රයේ ප්‍රධානියෙකු+ වූ සාලුය. 15 මරා දැමූ මිදියන්+ ජාතික ස්ත්‍රියගේ නම කොස්බීය. ඇගේ පියා මිදියන්හි පෙළපතකට අයිති ගෝත්‍රයක නායකයෙකු වූ ෂුර්ය.+
16 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 17 “මිදියන්වරුන්ට පීඩා කර ඔවුන්ට පහර දෙන්න.+ 18 මන්ද ඔවුහු කපටි+ ලෙස ක්‍රියා කර පෙයෝර් හා සම්බන්ධ කාරණයේදී+ ඔබව පාපයට පොලඹවා ඔබ පිටට විපත්ති ගෙනාවෝය. පෙයෝර් නිසා ඔබ පිටට වසංගතයක්+ ගෙනා දවසේදී මරණයට පත් වූ+ මිදියන්හි නායකයෙකුගේ දියණිය වූ කොස්බී+ මාර්ගයෙනුත් ඔවුහු ඔබව පාපයට පෙලඹුවෝය.”