ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
31 යෙහෝවා දෙවියනි, මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+
එබැවින් මාව කිසිදාක ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මට ගැලවීම සලසා දෙන්න.+
2 ඔබේ සවන් මා දෙසට යොමු කරන්න.+
ඉක්මනින්ම මා ගලවාගන්න.+
ඔබ මට පර්වතයක් බඳු බලකොටුවක් වන්න.+
මාව බේරාගැනීමට ආරක්ෂක ගෘහයක් වන්න.+
3 මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+
ඔබේ නාමය වෙනුවෙන්+ මට මඟ පෙන්වීම් ලබා දී ඔබ මා හරි මාර්ගයේ ගෙන යන්නෙහිය.+
6 කිසි වටිනාකමක් නැති දේවතා රූපවලට නමස්කාර කරන අයට මම ද්වේෂ කරමි.+
නමුත් මා විශ්වාසය තබා තිබෙන්නේ යෙහෝවා දෙවි වන ඔබ කෙරෙහිය.+
7 මම ප්‍රීති වෙමි. ඔබ මට පෙන්වන මහත් ප්‍රේමය* ගැන මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි.+
මන්ද මා විඳින දුක ඔබ දුටුවෙහිය.+
මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය.+
8 ඔබ මා සතුරාගේ අතට හසු කර නොදුන්නෙහිය.+
ආරක්ෂිත ස්ථානයකට මා ගෙන ගියෙහිය.+
10 සෝදුකින් මාගේ ජීවිතය අවසානයට පැමිණ ඇත.+
සුසුම්ලෑමෙන්ම මාගේ ජීවිතය ගෙවී ගොස් ඇත.+
මා කළ වරද නිසා මාගේ ශක්තිය හීන වී+
මාගේ ඇටකටු දුර්වල වී ඇත.+
11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+
මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+
මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+
මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+
12 අන් අයගේ මතකයෙන් ගිලිහුණු මිය ගිය තැනැත්තෙකු මෙන් මාවද අමතක වී ගියේය.+
මම බිඳුණු භාජනයක් මෙන් වුණෙමි.+
13 බොහෝදෙනෙකු මා ගැන නරක දේවල් පවසනවා මට අසන්න ලැබිණ.+
භීතිය හාත්පස පැතිර ඇත.+
ඔවුන් සියලුදෙනා එකතු වී+
මට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ මාගේ ජීවිතය නැති කර දැමීමටය.+
17 යෙහෝවා දෙවියනි, මා ඔබට කන්නලව් කළ නිසා මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
දුෂ්ටයෝ ලැජ්ජාවට පත් වෙත්වා!+
ඔවුහු මිනී වළෙහි නිහඬව සිටිත්වා!+
19 ඔබ කෙරෙහි ගරුබියක් ඇති අයට ආශීර්වාද කිරීම සඳහා වස්තුවක් මෙන් සුරැකිව තබා තිබෙන+ ඔබේ යහපත්කම මොන තරම්ද!+
ඔබේ රැකවරණය පතන අයට ඔබ සියල්ලන් ඉදිරියේ ඔබේ යහපත්කම පෙන්වන්නෙහිය.+
20 මිනිසුන් එකතු වී ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන විට+
ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තබාගන්නෙහිය.+
මිනිසුන් ඔවුන්ට බැණවදින විට+ ඔබ ඔවුන්ව ඔබේ කූඩාරමේ සඟවා තබාගන්නෙහිය.
21 වටලා තිබූ නගරයක සිටි මට+ පුදුමාකාර ලෙස ඔබ ඔබේ මහත් ප්‍රේමය* පෙන්වූ බැවින්+
යෙහෝවා දෙවි වන ඔබට ප්‍රශංසා වේවා!+
22 සතුරන් නිසා මා කලබලයට පත් වූ විට,+
“අනිවාර්යයෙන්ම ඔවුන් මාව මරා දමයි” කියා මම සිතුවෙමි.+
නමුත් ඔබේ උපකාරය පතා මා ඔබට කන්නලව් කළ විට ඔබ මාගේ හඬට ඇහුම්කන් දුන්නෙහිය.+