33 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීති ඝෝෂා නඟන්න.+
අවංක තැනැත්තෙනි, ඔබ ඔහුට ප්‍රශංසා කිරීම සුදුසුය.+
2 වීණාව වයමින් යෙහෝවා දෙවිට ස්තුති කරන්න.+
තත් දසයේ සංගීත භාණ්ඩ වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+
මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+
4 මන්ද යෙහෝවා දෙවිගේ වදන් සාධාරණය.+
ඔහුගේ සියලු ක්‍රියා විශ්වාසවන්තය.+
5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි.+
යෙහෝවා දෙවිගේ මහත් ප්‍රේමයෙන් පොළොව පිරී ඇත.+
6 යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත.+
ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල සෑදුවේය.+
7 වේල්ලක් බඳින්නාක් මෙන් ඔහු මුහුදු ජලය එක් තැනකට සීමා කර තැබුවේය.+
ඔහු විශාල ජල ස්කන්ධය රැස් කර තැබුවේය.
8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+
සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+
9 මන්ද ඔහු යමක් පැවසුවේද එසැණින් එය ඉටු විය.+
ඔහු යමක් අණ කළේද විගස එය සිදු විය.+
10 යෙහෝවා දෙවි ජාතීන්ගේ සැලසුම් බිඳ දැමුවේය.+
ඔහු ජනයාගේ සිතුවිලි අසාර්ථක කළේය.+
11 යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය.+
පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය.+
12 යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද+
දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.+
13 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට බැලූ විට+
සියලු මනුෂ්‍යයන් ඔහුගේ නෙත ගැටිණ.+
14 ඔහුගේ ස්ථිර වාසස්ථානයේ සිට+
ඔහු පොළොවේ ජීවත් වන සියල්ලන් දෙස බැලුවේය.
15 ඔහු ඔවුන්ගේ හදවත් නිසි ලෙස සකසන්නේය.+
ඔවුන්ගේ සියලු ක්‍රියාවන් සෝදිසි කර බලන්නේය.+
16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+
බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+
17 තමන්ට අශ්වයන් සිටි පමණින් ගැලවීම ලැබේයයි සිතීම මෝඩකමකි.+
උන්ට බොහෝ ශක්තිය තිබුණත් ඉන් කිසිවෙකු ගලවාගත නොහැක.+
18 යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇත්තාවූ+
ඔහුගේ මහත් ප්‍රේමය ලැබීමට ආශාවෙන් සිටින්නාවූ අය දෙසට යොමු වී තිබේ.+
19 ඔවුන්ව මරණයෙන් ගලවාගන්නා පිණිසත්+
සාගතයෙන් මිය යෑමට නොදී ආරක්ෂා කරගන්නා පිණිසත් ඔහු එසේ කර තිබේ.+
20 අපි යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+
ඔහු අපේ උපකාරකයාය. අපේ පලිහය.+
21 ඔහුගේ ශුද්ධ නාමය කෙරෙහි අපි විශ්වාසය තැබූ නිසා+
අපේ සිත් සතුටෙන් පිරී ඉතිරී යන්නේය.+
22 යෙහෝවා දෙවියනි, ඔබේ ප්‍රේමය අපට පෙන්වන්න.+
මන්ද අපි බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+