යෝබ්
42 යෝබ් යෙහෝවා දෙවිට මෙසේ පිළිතුරු දුන්නේය.
2 “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි.+
ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.+
3 ‘කිසි අවබෝධයක් නොමැතිව මා ගත් තීරණ විවේචනයට ලක් කරන මේ තැනැත්තා කවුද’+ කියා ඔබ ඇසුවෙහිය.
ඇත්තෙන්ම, මා කතා කළේ කිසි අවබෝධයක් නැතුවය.
මට සිතාගත නොහැකි පුදුමසහගත දේවල් ගැන හරි දැනුමක් නොමැතිව මම කතා කළෙමි.+
5 මම කලින් ඔබ ගැන අසා තිබුණත්
දැන් මාගේ ඇස් දෙකෙන්ම ඔබව දකින්නෙමි.
7 යෙහෝවා දෙවි යෝබ්ට කතා කළ පසු තේමාන්හි එලිෆස්ට කතා කළේය. යෙහෝවා දෙවි ඔහුට මෙසේ කිවේය.
“ඔබත් ඔබේ මිතුරන් දෙදෙනාත්+ මාගේ සේවක යෝබ් මෙන් නොවෙයි. ඔබ මා ගැන සත්‍යය තොරතුරු පැවසුවේ නැති නිසා+ මම ඔබ තිදෙනා සමඟ මහත් උදහසින් සිටිමි. 8 ඔබ කළ පාපය වෙනුවෙන් දවන පූජාවක් ඔප්පු කිරීම සඳහා ගොනුන් සත්දෙනෙකු සහ බැටළුවන් සත්දෙනෙකු+ රැගෙන මාගේ සේවක යෝබ් වෙත යන්න.+ ඔහු ඔබ වෙනුවෙන් යාච්ඤා කරයි.+ මා ඔබේ අඥාන කතාවලට සමාව දෙන්නේ, ඔහු ඔබ වෙනුවෙන් කන්නලව් කළොත් පමණයි. නැත්නම් මම ඔබට දඬුවම් කර, ඔබව නින්දාවට පත් කරන්නෙමි. මන්ද මාගේ සේවක යෝබ් මෙන් ඔබ මා ගැන සත්‍යය තොරතුරු කීවේ නැත.”+
9 තේමාන්හි එලිෆස්, ෂූහි බිල්දද් සහ නයමාතිය ෂෝපර් යෙහෝවා දෙවි ඔවුන්ට කී ලෙසම කළෝය. එවිට යෝබ් ඔවුන් වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි ඇහුම්කන් දුන්නේය.
10 යෝබ් තම මිත්‍රයන් තිදෙනා වෙනුවෙන් යාච්ඤා කළ පසු+ ඔහු අද්දකිමින් සිටි සියලු දුක් පීඩාවලින් යෙහෝවා දෙවි ඔහුව නිදහස් කළේය.+ යෝබ්ට අහිමි වී තිබූ සියලු ධන සම්පත්වලට වඩා දෙගුණයකින් දෙවි ඔහුට ආශීර්වාද කළේය.+ 11 ඔහුගේ සහෝදර සහෝදරියෝද ඔහුව හඳුනන සියලුදෙනාද+ ඔහුගේ නිවසට පැමිණ ඔහු සමඟ එකට කෑම කෑවෝය.+ යෙහෝවා දෙවි ඔහුට අත්විඳීමට ඉඩහැරිය පීඩා ගැන ඔවුහු ඔහු සමඟ දුක් වී ඔහුව සැනසුවෝය. පසුව ඔවුහු සියලුදෙනා රිදී කුට්ටියක් හා රන් මුද්දක් බැගින් ඔහුට තෑගි කළෝය.
12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය. 13 ඔහුට දාව පුත්‍රයෝ හත්දෙනෙක්ද දූවරු තිදෙනෙක්ද උපන්නෝය.+ 14 ඔහු තම පළමු දියණියට යෙමීමා කියාද දෙවන දියණියට කෙෂීයා කියාද තුන්වන දියණියට කෙරෙන්-හප්පූක් කියාද නම් තැබුවේය. 15 එම දේශයේ යෝබ්ගේ දියණියන් තරම් රූමත් කාන්තාවෝ තවත් සිටියේ නැත. යෝබ් තම පුත්‍රයන්ට මෙන් ඔවුන්ටත් උරුමයක් ලබා දුන්නේය.+
16 ඉන්පසු යෝබ් අවුරුදු එකසිය හතළිහක් ජීවත් වී+ හතරවන පරම්පරාව දක්වා තම දූපුතුන්ගේ දරුදැරියන්වද දුටුවේය.+ 17 යෝබ් තෘප්තිමත් ජීවිතයක් ගත කර මහලු වියේදී මිය ගියේය.+