එස්රා
10 එස්රා සැබෑ දෙවිගේ ගෘහය ඉදිරියේ+ වැඳ වැටී+ සියලුදෙනා කළ වැරදි ගැන හඬමින්+ දෙවිට යාච්ඤා+ කළ පසු, ඊශ්‍රායෙල්වරුන් අතරේ සිටි පුරුෂයෝ, ස්ත්‍රීහු හා දරුවෝ ඇතුළු විශාල පිරිසක්ද හඬමින් ඔහු ළඟට පැමිණියෝය. 2 ඒ අවස්ථාවේදී ඒලාම්ගේ පුතුන්ගෙන්+ පැවත ආ යෙහීයෙල්ගේ+ පුත් ෂෙකනියා එස්රාට මෙසේ පැවසීය. “අවට දේශවල සිටින ස්ත්‍රීන්ව විවාහ කරගෙන අපේ දෙවිට විරුද්ධව අපි මහත් ද්‍රෝහිකමක් කළා.+ නමුත් අපි බලාපොරොත්තු අත්හැරිය යුතු නැහැ. ඊශ්‍රායෙල්වරුන් වන අපිට මේ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන්.+ 3 අපි යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කැමතියි. අපේ දෙවිගේ ආඥාවලට+ ගරු කරන+ අයගේ උපදෙස් අපි පිළිගන්නවා. ඒ නිසා අපි විවාහ කරගත් ඒ විදේශීය භාර්යාවන්ව හා ඔවුන්ගෙන් උපන් දරුවන්ව පිටත් කර යවන+ බවට දෙවිට පොරොන්දු වෙන්න කැමතියි. ඒ සඳහා අපි දෙවි සමඟ ගිවිසුමක්+ ඇති කරගෙන, දෙවිගේ නීතියේ සඳහන් ආකාරයටම+ කරමු. 4 ඔබ මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන්න. අපි ඔබට සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් නැඟිට, කිසි දෙයකට භය වෙන්නේ නැතුව අවශ්‍ය පියවර ගන්න.”
5 එවිට එස්රා නැඟිට නායක පූජකයන්ව, ලෙවීවරුන්ව සහ සියලුම ඊශ්‍රායෙල්වරුන්ව රැස් කරගෙන ඒ ගිවිසුමට ඔවුන්ව කැමති කරවාගත්තේය. සෑම කෙනෙක්ම අවශ්‍ය පියවර ගන්නා බවට දිවුරුම්+ දී පොරොන්දු වූහ. 6 ඉන්පසු එස්රා සැබෑ දෙවිගේ ගෘහයේ එලියාෂිබ්ගේ පුත් යෙහෝහානන් භාරයේ තිබූ භෝජන ශාලාවට+ ගියේය. එස්රා එහි ගියත් වහල්කමින් නිදහස් වූ සෙනඟ කළ වැරදි ගැන ශෝක වෙමින් සිටි නිසා+ ඔහු ආහාර ගත්තේවත්+ වතුර බිව්වේවත් නැත.
7 ඉන්පසුව යෙරුසලමේ හා යූදා දේශයේ සිටි සියලුදෙනාටම+ යෙරුසලම් නුවරට රැස් වෙන්න කියා පණිවිඩයක් යවන ලදි. 8 අධිපතීන්+ සහ වැඩිමහල්ලන් කී ලෙස දවස් තුනක් ඇතුළත යෙරුසලමට නොපැමිණෙන අයට+ දඬුවම් කිරීමට ඔවුහු තීරණය කළෝය. එවැනි අයගේ බඩු බාහිරාදිය පවරාගැනීමටත්+ වහල්කමින් නිදහස් කළ සෙනඟ අතරින් ඔවුන්ව පිටමං කිරීමටත්+ තීරණය කරන ලදි. 9 මේ අනුව යූදා සහ බෙන්ජමින් යන ගෝත්‍රවලට අයත් සියලුදෙනා දවස් තුනක් ඇතුළත යෙරුසලමට එක් රොක් වූහ. ඔවුන් එසේ රැස් වුණේ නවවන මාසයේ+ විසිවනදාය. සැබෑ දෙවිගේ ගෘහය අවට එළිමහනේ හිඳගෙන සිටි ඔවුහු, ඇද හැළුණු වර්ෂාව+ නිසා සීතලෙන් ගැහිගැහී සිටියෝය. ඒ අවස්ථාවේ බැරෑරුම්කම නිසා ඔවුන්ට මහත් භයක්ද දැනිණ.
10 ටික වේලාවක් ගත වූ පසු පූජක එස්රා නැඟිට, රැස් වූ සෙනඟට මෙසේ පැවසීය. “ඔබ දෙවිට අවිශ්වාසවන්තව කටයුතු කර තිබෙනවා. ඔබ විදේශ ස්ත්‍රීන්ව+ විවාහ කරගෙන ඊශ්‍රායෙල් සෙනඟගේ පාප තවත් වැඩි කළා.+ 11 ඒ නිසා ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබේ වරද පිළිගෙන,+ දෙවි සතුටු වන දේ+ කරන්න. අවට ජාතීන්ගෙන් හා ඔබේ විදේශීය භාර්යාවන්ගෙන්+ වෙන් වී ඔබේ වරද හදාගන්න.” 12 ඊට පිළිතුරු වශයෙන් රැස්ව සිටි සියලුදෙනා මහත් හඬින් මෙසේ පැවසූහ. “ඔබ පවසන දේ කරන්න අපි කැමතියි. අපි ඒ දේ කළ යුතුමයි.+ 13 නමුත් මෙහෙ විශාල සෙනඟක් රැස් වී සිටිනවා. දැන් වැහි කාලය නිසා අපිට එළිමහනේ සිටින්න හරිම අමාරුයි. ඒ විතරක් නෙවෙයි, මේ වරද දවසකින් දෙකකින් හරිගස්සන්න බැහැ. මොකද අපි කළ වරද සුළුපටු එකක් නෙවෙයි. 14 ඒ නිසා අපි සෙනඟගේ පහසුව වෙනුවෙන් මෙහෙම කරමු. විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගත් සියලුදෙනා නියමිත වේලාවක් යොදාගෙන තම තමන්ගේ නුවරවල සිටින වැඩිමහල්ලන් සහ විනිශ්චයකරුවන් සමඟ මෙහි පැමිණිය යුතුයි. ඉන්පසුව අධිපතීන්ට+ පුළුවන් මුළු සෙනඟව නියෝජනය කරමින් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. එවිට දෙවිගේ දැවෙන උදහස නිවී යයි.”
15 (නමුත් අසහෙල්ගේ පුත් යොනාතාන් හා තික්වාගේ පුත් යාෂෙයා මෙම වැඩපිළිවෙළට විරෝධය පෑ+ අතර ලෙවීවරුන් වූ මෙෂල්ලම් සහ ෂබ්බෙතයි+ ඔවුන්ගේ පැත්ත ගත්තෝය.) 16 වහල්කමින් නිදහස් වී පැමිණි+ සියලුදෙනා මෙම යෝජනාවට එකඟව ක්‍රියා කළෝය. මේ ගැන විභාග කිරීම+ සඳහා පූජක එස්රාද පෙළපත් වාර්තාවල නම් වශයෙන් සඳහන් වූ පෙළපත්වල ප්‍රධානීහුද+ දහවන මාසයේ+ පළමුවන දින රැස් වූහ. 17 පළමුවන මාසයේ පළමුවන දිනය වන විට, විදේශීය+ ස්ත්‍රීන්ව විවාහ කරගත් සියලු පුරුෂයන් ගැන තීන්දුවක් දී අවසන් කර තිබිණ. 18 විදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගත් අය අතර පූජකයන්ගේ පුත්‍රයන්+ කිහිපදෙනෙකුත් සිටි බව හෙළි විය. ඔවුන් අතරේ යෙහොෂාදාක්ගේ+ පුත් යේෂුවාගේ+ පුත්‍රයෝ සහ ඔහුගේ සහෝදරයන් වූ මයසේයා, එලියේසර්, යාරිබ් සහ ගෙදලියා සිටියෝය. 19 ඔවුහු තම භාර්යාවන්ව පිටත් කර යවන බවට අතට අත දී පොරොන්දු වූ අතර එක් එක් කෙනා තම වරද+ වෙනුවෙන් බැටළුවෙකු+ බැගින් පූජා කළෝය.
20 මීට අමතරව ඉම්මේර්ගේ+ පුතුන් අතරින් හනානි සහ සෙබදියා සිටියෝය. 21 හාරිම්ගේ+ පුතුන් අතරින් මයසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල් සහ උසියා සිටියෝය. 22 පෂ්හූර්ගේ පුතුන්+ අතරින් එලියෝනේයයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝෂාබාද් සහ එලෙයාසා සිටියෝය. 23 ලෙවීවරුන් අතරින් යෝෂාබාද්, ෂිමෙයි, කේලායා (එනම්, කෙලීටා), පෙතහියා, යූදා සහ එලියේසර් සිටියෝය. 24 ගායකයන් අතරින් එලියාෂිබ් සිටියේය. දොරටු පාලකයන් අතරින් ෂල්ලුම්, ටෙලෙම් සහ උරී සිටියෝය.
25 ඊශ්‍රායෙල් ජනයා අතරින් පාරොෂ්ගේ පුතුන් වූ+ රමියා, ඉෂ්ෂියා, මල්කියා, මියමින්, එලියාසර්, මල්කියා සහ බෙනායා සිටියෝය. 26 ඒලාම්ගේ පුතුන්+ අතරින් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්,+ අබ්දී, යෙරෙමොත් සහ එලියා සිටියෝය. 27 සට්ටුගේ පුතුන්+ අතරින් එලියෝනේයයි, එලියාෂිබ්, මත්තනියා, යෙරෙමොත්, සාබාද් සහ අසීසා සිටියෝය. 28 බෙබායිගේ පුතුන්+ අතරින් යෙහෝහානන්, හනනියා, සබ්බයි සහ අත්ලයි සිටියෝය. 29 බානිගේ පුතුන් අතරින් මෙෂල්ලම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරෙමොත් සිටියෝය. 30 පාහත්-මෝවබ්ගේ+ පුතුන් අතරින් අද්නා, චෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේ සිටියෝය. 31 හාරිම්ගේ පුතුන්+ අතරින් එලියේසර්, ඉෂ්ෂියාහ්, මල්කියා,+ ෂෙමායා, ෂිමෙයොන්, 32 බෙන්ජමින්, මල්ලුක් සහ ෂෙමරියා සිටියෝය. 33 හාෂුම්ගේ පුතුන්+ අතරින් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිෆෙලෙත්, යෙරෙමයි, මනස්සේ සහ ෂිමෙයි සිටියෝය. 34 බානිගේ පුතුන් අතරින් මයදයි, අම්රාම්, ඌයෙල්, 35 බෙනායා, බෙදේයා, කෙලුහයි, 36 වනියා, මෙරේමොත්, එලියාෂිබ්, 37 මත්තනියා, මත්තෙනයි සහ යයසූ සිටියෝය. 38 බින්නුයිගේ පුතුන් අතරින් ෂිමෙයි, 39 ෂෙලෙමියා, නාතන්, අදායා, 40 මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි, 41 අෂරෙල්, ෂෙලෙමියා, ෂෙමරියා, 42 ෂල්ලුම්, අමරියා සහ යෝසෙප් සිටියෝය. 43 නෙබෝගේ පුතුන් අතරින් යෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබිනා, යද්දයි, යෝවෙල් සහ බෙනායා සිටියෝය. 44 විදේශීය ස්ත්‍රීන්+ විවාහ කරගෙන සිටි ඔවුහු සියලුදෙනා තම භාර්යාවන්ව හා පුතුන්ව පිටත් කර යැවූහ.