ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. තත් භාණ්ඩ ඇතුව ගායනා කිරීම සඳහාය. දාවිත් රචනා කළ ගීතයකි.
2 මාගේ හදවත වේදනාවෙන් පිරී තිබෙන විට මම දුර ඈතක සිටියත් ඔබට හඬගසන්නෙමි.+
දෙවියනි, උස් පර්වතයකට මාව ගෙන යන්න.+
4 සදහටම මම ඔබේ කූඩාරමේ ආගන්තුකයෙකු ලෙස සිටින්නෙමි.+
ඔබේ පියාපත් සෙවණේ සැඟවී මම රැකවරණය ලබන්නෙමි.+ සීලාහ්.
5 දෙවියනි, මා දුන් පොරොන්දුවලට ඔබ ඇහුම්කන් දුන්නෙහිය.+
ඔබේ නාමයට ගරුබිය දක්වන අයට ඔබ දෙන උරුමය ඔබ මටද දුන්නෙහිය.+