-
උත්පත්ති 26:3, 4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+ 4 ‘මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ ගොඩක් වැඩි කරනවා.+ මම මේ මුළු දේශයම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ ඔයාගෙන් පැවතෙන අය* මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.’*+
-
-
ක්රියා 7:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඊටපස්සේ එයා කල්දිවරුන්ගේ දේශයෙන් පිට වෙලා හාරාන්වල පදිංචියට ගියා. එයාගේ තාත්තා මැරුණාට පස්සේ+ දෙවියන් එයාට කිව්වා අපි හැමෝම දැන් ජීවත් වෙන මේ දේශයට ඇවිත් පදිංචි වෙන්න කියලා.+ 5 ඒ වුණත් දෙවියන් එයාට මේ දේශයේ එක බිම් අඟලක්වත් උරුමයක් විදිහට දුන්නේ නැහැ. ඒත් දෙවියන් එයාට පොරොන්දු වුණා ඉස්සරහට එයාටත් එයාගෙන් පැවතෙන අයටත්* මේ දේශය උරුමයක් විදිහට දෙනවා කියලා.+ හැබැයි ඒ වෙනකොට එයාට දරුවෙක් හිටියේ නැහැ.
-