-
නික්මයාම 26:26-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 “රාමු එකකට එකක් සම්බන්ධ කරන්න ඇකේෂියා ලීවලින් පොලු හදන්න. කූඩාරමේ එක පැත්තක තියෙන රාමු සවි කරන්න පොලු පහක් හදන්න.+ 27 කූඩාරමේ අනිත් පැත්තේ තියෙන රාමු සවි කරන්නත් පොලු පහක් හදන්න. කූඩාරමේ බස්නාහිර පැත්තේ තියෙන ඒකේ පිටුපස කොටසට තවත් පොලු පහක් හදන්න. 28 රාමුවල හරි මැදින් යවන පොල්ල එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් තිබිය යුතුයි.
-