-
ලෙවී කතාව 6:2-5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “කෙනෙක් මේ වගේ වැරදි කළොත් ඔහු යෙහෝවාට අවිශ්වාසවන්ත වෙනවා.+ කෙනෙක්ට පරෙස්සමට තියාගන්න හරි බලාගන්න හරි භාර දීපු දෙයක් සම්බන්ධයෙන් ඔහු තව කෙනෙක්ව රැවැට්ටුවොත් ඒක වරදක්.+ නැත්නම් තව කෙනෙක්ට අයිති දෙයක් හොරකම් කළොත් හරි වංචාවක් කරලා දෙයක් ගත්තොත් හරි ඒකත් වරදක්. 3 නැති වුණ දෙයක් කෙනෙක්ට හම්බ වුණොත් ඔහු ඒක භාර දෙන්නේ නැතුව තමන් ළඟ තියාගෙන ඒ ගැන බොරු කිව්වොත් ඒකත් වරදක්. කෙනෙක් ඒ එක වරදක් හරි කරලා ඒක කළේ නැහැ කියලා බොරුවට දිවුරුවොත්+ ඔහු කරන්න ඕනෙ මේකයි. 4 ඒ වගේ වරදක් කළා කියලා ඔප්පු වුණොත් ඔහු හොරකම් කරපු දේ හරි වංචාවෙන් ලබාගත්ත දේ හරි පරෙස්සමට තියාගන්න භාර දීපු දේ හරි නැති වෙලා හම්බ වුණ දේ හරි ආපහු භාර දිය යුතුයි. 5 බොරුවට දිවුරපු වෙන ඕනෙම දෙයක් සම්බන්ධයෙනුත් ඔහු ඒ දේම කරන්න ඕනේ. ඔහු ගත්ත දේට හරියන සම්පූර්ණ වන්දියක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි.+ ඒකෙන් පහෙන් කොටසකුත් ඒකත් එක්ක දිය යුතුයි. ඔහු වරදක් කළා කියලා ඔප්පු වුණ දවසේ ඔහු ඒ සියල්ල අයිතිකරුට ගෙවිය යුතුයි.
-