33 “‘විදේශිකයෙක් ඔබ අතරේ ජීවත් වෙනවා නම් ඔහුට හිංසා පීඩා කරන්න එපා.+ 34 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයාට ඔබේම ජාතියේ කෙනෙක්ට වගේ සැලකිය යුතුයි.+ ඔබ ඔබට වගේ ඔහුටත් ආදරේ කළ යුතුයි. මොකද ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වුණා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.