-
ලෙවී කතාව 8:25-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඊටපස්සේ මෝසෙස් තෙල් කොටස් ඒ කියන්නේ තෙලින් පිරුණු උගේ වලිගය, බඩවැල් වටේ තිබුණ සම්පූර්ණ තෙල් තට්ටුව, අක්මාව වටේ තිබුණ තෙල් තට්ටුව, වකුගඩු දෙකත් එක්ක ඒවා මත තිබුණ තෙල් තට්ටුව සහ බැටළුවාගේ දකුණු ගාතය ගත්තා.+ 26 යෙහෝවා ඉස්සරහට ගෙනාපු මුහුන් නොදැමූ රොටි තිබුණ කූඩෙන් ඔහු මුද්දක හැඩැති රොටියකුයි,+ තෙල් මිශ්ර කරලා හදාගත්ත මුද්දක හැඩැති රොටියකුයි,+ තුනී රොටියකුයි අරගෙන බැටළුවාගේ තෙල් කොටස් සහ දකුණු ගාතය උඩින් තිබ්බා. 27 ඊටපස්සේ ඔහු ඒ ඔක්කොම ආරොන්ගේ සහ ඔහුගේ පුතාලාගේ අල්ල උඩින් තියලා සොලවන පූජාවක් හැටියට ඒවා යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලෙව්වා. 28 මෝසෙස් ඒවා ඔවුන්ගේ අතින් අරන් පූජාසනයේ තිබුණ දවන පූජාවට උඩින් තියලා දවලා දැම්මා. පූජකයන්ව අභිෂේක කරද්දී ගින්නෙන් ඔප්පු කරපු ඒ පූජාවෙන් නැග්ග දුම යෙහෝවාට මිහිරි සුවඳක් වුණා.
-