-
නික්මයාම 29:1-3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 “ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පූජකයන් විදිහට මට කැප කරද්දී මේ දේ කරන්න. වස්සෙක්ව සහ කිසිම කැළලක් නැති බැටළුවන් දෙන්නෙක්ව ගේන්න.+ 2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කරලා මුද්දක හැඩේට හදාගත්ත මුහුන් නොදැමූ රොටි සහ තෙල් තවරපු මුහුන් නොදැමූ සිහින් රොටි ගේන්න.+ ඒවා හදන්න ඕනෙ සිහින්ව කොටාගත්ත තිරිඟු පිටිවලින්. 3 ඒ රොටි කූඩයක දාලා+ වස්සා සහ බැටළුවන් දෙන්නා එක්ක ඔප්පු කරන්න.
-
-
ලෙවී කතාව 6:14, 15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 “‘ධාන්‍ය පූජාව සඳහා නීතිය මේකයි.+ ආරොන්ගේ පුතාලා ධාන්‍ය පූජාව පූජාසනයට ගෙනල්ලා යෙහෝවා ඉස්සරහා ඒක ඔප්පු කළ යුතුයි. 15 ඔවුන්ගෙන් කෙනෙක් ධාන්‍ය පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින්ව කොටාගත්ත පිටි, තෙල් සහ කට්ටකුමංජල් සියල්ල ඇතුළත් ඒ අහුර මුළු පූජාවම නියෝජනය කරන්න* ඔහු පූජාසනය මත දැවිය යුතුයි. ඒ පූජාවෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+
-