-
ද්විතීය කතාව 1:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
1 ඊශ්‍රායෙල් සෙනඟ යොර්දාන් ගඟට කිට්ටුවෙන් තිබුණ පාළුකරයේ කඳවුරු බැඳගෙන ඉද්දී මෝසෙස් එයාලට කතා කළා. ඊශ්‍රායෙල්වරුන් කඳවුරු බැඳගෙන හිටපු ඒ පාළුකරය පිහිටලා තිබුණේ සෆ් කියන තැනට ඉස්සරහින්. ඒ පාළුකරය අවට තමයි පාරාන්, තෝෆෙල්, ලාබන්, හෂේරොත් සහ දීෂාහාබ් කියන තැන් තිබුණේ. 2 හොරෙබ් කඳුකරයේ ඉඳන් සේයිර් කන්ද හරහා කාදෙෂ්බර්නේය+ කියන තැනට යන්න දවස් 11ක් ගත වෙනවා.
-