-
යොෂුවා 12:4-6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඊශ්‍රායෙල්වරු පරාජය කරපු තවත් රජෙක් තමයි බාෂාන් දේශයේ ඕග්.+ එයා රෙෆායිවරුන්ගෙන් ඉතුරු වෙලා හිටපු අයගෙන් එක් කෙනෙක්.+ එයා ජීවත් වුණේ අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල. 5 හෙර්මොන් කන්ද, සලෙකා නගරය සහ මුළු බාෂාන්+ දේශයම ඕග් පාලනය කළා. එයාට අයිති ප්‍රදේශය ගෙෂූර්වරුන්ගේ දේශ සීමාව දක්වාත් මයකාත්වරුන්ගේ+ දේශ සීමාව දක්වාත් හෙෂ්බොන්වල රජ වුණ සීහොන්ගේ+ රාජ්‍යයේ සීමාව දක්වාත් විහිදිලා ගියා. ගිලියද් දේශයේ ඉතුරු භාගය අයිති වුණෙත් එයාට.
6 ඊශ්‍රායෙල්වරු ඒ රජවරුන්ව පරාජයට පත් කළේ+ යෙහෝවාගේ සේවක මෝසෙස්ගේ නායකත්වය යටතේ. ඊටපස්සේ යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් ඒ දේශ රූබෙන් ගෝත්රයටයි, ගාද් ගෝත්රයටයි, මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටයි උරුමයක් විදිහට දුන්නා.+
-