-
උත්පත්ති 12:1-3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 යෙහෝවා දෙවියන් ආබ්රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන් සහ ඔයාගේ තාත්තාගේ ගෙදර අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න.+ 2 මම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරනවා. මම ඔයාගේ නම ගෞරවයට පත් කරනවා. ඔයා නිසා හැමෝටම ආශීර්වාද ලැබෙනවා.+ 3 ඔයාට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරනවා. ඔයාට ශාප කරන අයට මමත් ශාප කරනවා.+ ඔයා නිසා පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙනවා.”*+
-
-
උත්පත්ති 22:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 යෙහෝවාගේ දූතයා දෙවෙනි පාරටත් ස්වර්ගයේ ඉඳලා ආබ්රහම්ට කතා කරලා
-
-
උත්පත්ති 26:3, 4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+ 4 ‘මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ ගොඩක් වැඩි කරනවා.+ මම මේ මුළු දේශයම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ ඔයාගෙන් පැවතෙන අය* මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.’*+
-