-
ද්විතීය කතාව 19:16-19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 කෙනෙක් තව කෙනෙක්ට හානියක් කරන අදහසින් එයා වරදක් කළා කියලා චෝදනා කළොත්+ 17 ඒ දෙන්නා ඒ ප්රශ්නේ අරගෙන යෙහෝවා ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ පූජකයන් සහ ඒ කාලේ විනිශ්චයකරුවන් විදිහට සේවය කරන අය ඉස්සරහට එන්න ඕනේ.+ 18 විනිශ්චයකරුවන් ඒ කාරණය විභාග කරලා ඒ ගැන හොඳට හොයලා බලන්න ඕනේ.+ චෝදනාව කරපු කෙනා එයාගේ සහෝදරයාට විරුද්ධව කරලා තියෙන්නේ බොරු චෝදනාවක් කියලා ඔප්පු වුණොත් 19 එයා තමන්ගේ සහෝදරයාට කරන්න හදපු දේ එයාට කරන්න.+ ඒ විදිහට ඒ දුෂ්ට දේ ඔයාලා අතරින් අයින් කරලා දාන්න.+
-
-
හිතෝපදේශ 6:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 යෙහෝවා හෙළා දකින දේවල් හයක් තියෙනවා.
ඔහු පිළිකුල් කරන දේවල් හතක් තියෙනවා.
-