-
ගණන් කතාව 13:23-27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 එයාලා එෂ්කොල්+ නිම්නයට ඇවිත් එතන තිබුණ මිදිවැලකින් මිදිපොකුරක් තියෙන අත්තක් කපාගත්තා. ඒ අත්ත අරන් යන්න මිනිස්සු දෙන්නෙක් ඕනෙ වුණා. එයාලා ඒක පොල්ලක ගැටගහගෙනයි උස්සන් ගියේ. එතනින් එයාලා දෙළුම් ගෙඩිත් අත්තික්කා ගෙඩිත් කඩාගත්තා.+ 24 ඊශ්‍රායෙල්වරු එතනින් මිදිපොකුරක් කපාගත්ත නිසයි ඒ නිම්නයට එෂ්කොල්*+ කියන නම තිබ්බේ.
25 දේශයේ තොරතුරු හොයලා බලලා දවස් 40කට+ පස්සේ එයාලා ආයෙත් හැරිලා ආවා. 26 එයාලා මෝසෙස්, ආරොන් සහ සෙනඟ හිටපු පාරාන් පාළුකරයේ කාදෙෂ්+ කියන තැනට ඇවිත් දේශය ගැන තොරතුරු කිව්වා. ඒ දේශයෙන් ගෙනාපු පලතුරුත් පෙන්නුවා. 27 එයාලා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා අපිට යන්න කියපු දේශයට අපි ගියා. ඒක ඇත්තටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන+ දේශයක්. අපි මේ පලතුරු ගෙනාවේ එහෙන්.+
-