-
නෙහෙමියා 10:38, 39ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
38 ලෙවීවරුන්ට දහයෙන් කොටස දෙද්දී ආරොන්ගෙන් පැවතෙන පූජකයෙක් එයාලා එක්ක ඉන්න ඕනේ. ලෙවීවරුනුත් එයාලට ලැබෙන දෙයින් දහයෙන් කොටසක් දෙවියන්ගේ ගෘහයට දෙන්න ඕනේ.+ ඒවා තියන්න ඕනෙ ගබඩාවේ තියෙන කාමරවල.* 39 ඊශ්‍රායෙල්වරුන් සහ ලෙවීවරුන් ධාන්‍ය, අලුත් වයින්, තෙල්+ ඇතුළු හැම පරිත්‍යාගයක්ම+ ගේන්න ඕනෙ ඒ කාමරවලටයි.* ශුද්ධස්ථානයේ පාවිච්චි කරන භාජන තියලා තියෙන්නෙත් සේවය කරන පූජකයන්, දොරටු පාලකයන් සහ ගායකයන් ඉන්නෙත් ඒ කාමරවල. අපේ දෙවියන්ගේ ගෘහයේ වැඩකටයුතු නොසලකාහරින්නේ නැහැ+ කියලා අපි හැමෝම අදිටන් කරගත්තා.
-
-
මලාකි 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “මිනිසෙක්ට පුළුවන්ද දෙවියන්ට අයිති දේ හොරකම් කරන්න? ඒත් ඔයාලා මගෙන් හොරකම් කරනවා.”
එහෙම කරලා ඔයාලා අහනවා “අපි ඔබෙන් හොරකම් කළා කියලා ඔබ කියන්නේ ඇයි” කියලා.
“මට අයිති දහයෙන් කොටස් සහ පරිත්‍යාග ඔයාලා මට දුන්නේ නැහැ.
-