13 එහෙම කළාට පස්සේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා මෙහෙම කියන්න. ‘දෙවියනි, ශුද්ධ දෙයක් විදිහට වෙන් කරපු දේවල් මම මගේ ගෙදර තියාගත්තේ නැහැ. ඔයා අණ කරපු විදිහටම මම ඒ දේවල් ලෙවීවරුන්ටයි, විදේශිකයන්ටයි, තාත්තා නැති දරුවන්ටයි, වැන්දඹුවන්ටයි+ දුන්නා. මම ඔයාගේ ආඥා කඩ කළේවත් ඒවා සැහැල්ලුවට ගත්තෙවත් නැහැ.