-
ගණන් කතාව 32:20-22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 මෝසෙස් එයාලට මෙහෙම කිව්වා. “හොඳයි, එහෙනම් ඔයාලා මෙහෙම කරන්න. ඔයාලා කියපු විදිහට යෙහෝවා වෙනුවෙන් සටන් කරන්න ලෑස්ති වෙන්න.+ 21 ඔයාලා හැමෝම යොර්දාන් ගඟෙන් එහා පැත්තට යන්න. යෙහෝවා ඔහුගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන කල් ආපහු හැරිලා එන්න එපා.+ 22 යෙහෝවා දේශය යටත් කරලා දෙන කල්+ ඔයාලා සෙනඟ එක්ක හිටියොත් ඔයාලට පුළුවන් මේ ප්රදේශයට ආපහු එන්න.+ එතකොට යෙහෝවා සහ ඊශ්රායෙල් සෙනඟ ඉස්සරහා ඔයාලා නිදොස්. යෙහෝවාත් මේ ප්රදේශය ඔයාලට උරුමයක් විදිහට දෙයි.+
-