3 එයා සෙබළුන්ට මෙහෙම කියන්න ඕනේ. ‘ඊශ්රායෙල්වරුනි, මට ඇහුම්කන් දෙන්න. දැන් ඔයාලා සතුරන්ට විරුද්ධව සටන් කරන්නයි යන්නේ. එයාලව දැක්කාම කලබල වෙලා බය වෙන්න එපා. 4 මොකද සතුරන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යනවා. ඔහු ඔයාලව බේරගනියි.’+