-
විනිශ්චයකරුවෝ 3:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඒහුද් එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාලාගේ සතුරන් වන මෝවබ් ජාතිකයන්ව ඔයාලාගේ අතට භාර දීලයි තියෙන්නේ. ඉතින් දැන් මාත් එක්ක එන්න.” ඊශ්‍රායෙල්වරු එයාත් එක්ක ගිහිල්ලා යොර්දාන් ගඟේ තිබුණ තොටුපොළවල් ඔක්කොම අල්ලගත්තා. එහෙම කළේ මෝවබ්වරුන්ට පැනලා යන්න බැරි වෙන්නයි. ඒ තොටුපොළවල්වලින් එගොඩ වෙන්න එයාලා කාටවත් ඉඩ දුන්නේ නැහැ.
-
-
විනිශ්චයකරුවෝ 7:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ගිඩියොන් පණිවිඩකරුවන්ව යවලා එෆ්‍රායිම් කඳුකරයේ හිටපු අයට මෙහෙම දැන්නුවා. “යන්න ගිහින් මිදියන්වරුන්ට පහර දෙන්න. යොර්දාන් ගඟෙන් සහ බෙත්බාරා වෙන කල් තියෙන අතු ගංගාවලින් එගොඩ වෙන්න පුළුවන් හැම තැනකම සෙබළු රඳවලා තියන්න. මිදියන්වරුන්ට ඒ තැන්වලින් එගොඩ වෙන්න දෙන්න එපා.” ඉතින් එෆ්‍රායිම් ගෝත්‍රයේ සෙබළු හැමෝම එකට එකතු වෙලා යොර්දාන් ගඟේ සහ බෙත්බාරා වෙන කල් තියෙන අතු ගංගාවලින් එගොඩ වෙන්න පුළුවන් හැම තැනක්ම අල්ලගත්තා.
-