11 ඊටපස්සේ දාන් ගෝත්රයට අයිති මිනිස්සු 600දෙනෙක් අවිආයුධ අරගෙන ෂොරා සහ එෂ්තායොල්වලින් පිටත් වුණා.+ 12 එයාලා යූදා ගෝත්රයට අයිති කිර්යත්යෙයාරීම්+ ළඟ කඳවුරු බැඳගත්තා. එයාලා කිර්යත්යෙයාරීම්වලට බස්නාහිරෙන් තිබුණ ඒ තැනට මහනේදාන්+ කියන නම තිබ්බේ ඒ නිසයි. ඒ නම අද වෙන කල්ම පාවිච්චි කරනවා.