-
2 ලේකම් 13:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “ඔයාලා එක්ක ලොකු සෙනඟකුයි, දෙවිවරුන් විදිහට යෙරොබොවම් හදපු රන් වස්සන් දෙන්නායි ඉන්න නිසා ඔයාලා හිතාගෙන ඉන්නේ දාවිත්ගේ පුතාලාගේ අතේ තියෙන යෙහෝවාගේ පාලනයට විරුද්ධව සටන් කරන්න පුළුවන් කියලයි.+ 9 ආරොන්ගෙන් පැවතෙන යෙහෝවාගේ පූජකයන්ව ඔයාලා පන්නලා දැම්මේ නැද්ද?+ ලෙවීවරුන්වත් පන්නලා දාලා වෙනත් ජාතීන් කරනවා වගේ ඔයාලට කැමති අයව පූජකයන් විදිහට ඔයාලා පත් කරගත්තේ නැද්ද?+ වස්සෙක්වයි, බැටළුවන් හත්දෙනෙක්වයි අරගෙන එන ඕනෙම කෙනෙක්ව ඔයාලා මේ කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ පූජකයෙක් විදිහට පත් කළා.
-