-
යොෂුවා 7:16-18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඉතින් යොෂුවා පහුවෙනිදා උදෙන්ම අවදි වෙලා මුළු ඊශ්රායෙල් සෙනඟව ගෝත්රවලට අනුව රැස් කළා. ඒ අයගෙන් තෝරගත්තේ යූදා ගෝත්රයයි. 17 යොෂුවා යූදා ගෝත්රයේ අයට කිව්වා එයාලාගේ පෙළපත්වලට අනුව බෙදිලා ඉස්සරහට එන්න කියලා. ඒ අතරින් තෝරගත්තේ සේරාගේ පෙළපතේ+ අයවයි. ඊටපස්සේ ඒ පෙළපතට අයිති පවුල්වල මූලිකයන් හැමෝටම ඉස්සරහට එන්න කිව්වා. ඒ අය අතරින් තෝරගත්තේ සබ්දීව. 18 යොෂුවා සබ්දීගේ පවුලේ එක් එක් කෙනාට ඉස්සරහට එන්න කිව්වා. ඒ අය අතරින් කාමීගේ පුතා වන ආකාන්ව තෝරගත්තා.+ (කාමී යූදා ගෝත්රයේ කෙනෙක්. එයාගේ තාත්තා සබ්දී. සබ්දීගේ තාත්තා සේරා.)
-