-
නික්මයාම 19:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “ඔයාලා දැන් තුන්වෙනි දවසට ලෑස්ති වෙන්න. කිසිම කෙනෙක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා.”
-
-
2 සාමුවෙල් 11:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 එතකොට උරියා දාවිත්ට මෙහෙම කිව්වා. “ගිවිසුම් පෙට්ටිය+ තියෙන්නේ කූඩාරමක. ඊශ්රායෙල් පුරුෂයන් සහ යූදා පුරුෂයන් ඉන්නෙත් කූඩාරම්වල. මගේ ස්වාමියා වන යෝවාබ් සහ එයාගේ සේවකයන් එළිමහනේ කඳවුරු බැඳගෙන ඉන්නවා. මේ වගේ වෙලාවක මම කොහොමද ගෙදර ගිහින් කාලා බීලා මගේ බිරිඳත් එක්ක සතුටු වෙන්නේ?+ මං ඔබ ඉස්සරහා දිවුරලා කියන්නම් මට නම් කවදාවත් ඒ වගේ දෙයක් කරන්න බැහැ!”
-