3 එල්කානා හැම අවුරුද්දකම එයා ජීවත් වුණ නගරයේ ඉඳන් ෂීලෝ කියන නගරයට යන්න පුරුදු වෙලා හිටියා.+ එයා එහෙට ගියේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට නමස්කාර කරන්නයි. එයා එහෙදී දෙවියන්ට පූජාත් ඔප්පු කළා. ඒ කාලේ ඒලීගේ පුතාලා වුණ හොප්නී සහ පිනෙහාස්+ පූජකයන් විදිහට යෙහෝවා දෙවියන්ට ෂීලෝවල සේවය කළා.+