-
1 සාමුවෙල් 2:14-16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 මස් තැම්බෙන ඕනෙම හට්ටියකට, හැළියකට, කල්දේරමකට නැත්නම් වළඳකට එයා ගෑරුප්පුව දාලා මස් කෑලි එළියට ඇදලා ගත්තා. ඒකට අහු වුණ ඕනෙම කොටසක් පූජකයා කෑමට ගත්තා. ෂීලෝ නගරයට ආපු ඊශ්‍රායෙල්වරු හැමෝටම එයාලා කළේ ඒ විදිහටයි. 15 ඒ විතරක් නෙමෙයි තෙල් කොටස් පිච්චිලා ඒකෙන් දුම් නඟින්නත් කලින්+ පූජකයාගේ සේවකයෙක් ඇවිත් පූජාව ඔප්පු කරන කෙනාට මෙහෙම කිව්වා. “පූජකයා කැමති නැහැ තම්බපු මස් කන්න. එයා කැමති මස් පුච්චලා කන්න. ඒ නිසා අපිට අමු මස් දෙන්න.” 16 ඒත් ඒ වගේ වෙලාවලදී පූජා ඔප්පු කරන කෙනා “තෙල් කොටස් ටික පිච්චෙන කල් ටිකක් ඉන්න.+ ඊටපස්සේ කැමති ඕනෙම කොටසක් ගන්න” කියලා කිව්වා. එතකොට සේවකයා මෙහෙම කිව්වා. “නැහැ, දැන්මම දෙන්න! නැත්නම් මම බලෙන් ගන්නවා!”
-