4 එතකොට දාවිත් එක්ක හිටපු අය එයාට මෙහෙම කිව්වා. “අද යෙහෝවා ඔයාගේ හතුරාව ඔයාගේ අත ළඟටම ගෙනල්ලා දුන්නා.+ ඒ නිසා ඔයාට කැමති ඕනෙම දෙයක් එයාට කරන්න. ඒකට දෙවියන්ගේ අවසරය ඔයාට තියෙනවා.” ඉතින් දාවිත් නැඟිටලා හෙමින් සැරේ සාවුල් හිටපු තැනට ගිහින් එයාගේ අත් නැති ඇඳුමේ වාටියෙන් කෑල්ලක් කපාගත්තා.