-
ගණන් කතාව 32:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ‘මේ සෙනඟ මුළු හිතින්ම මාව විශ්වාස කළේ නැහැ. ඒ නිසා මං ආබ්රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට+ දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ ඒ දේශය එයාලට දකින්න ලැබෙන්නේ නැහැ. ඊජිප්තුවෙන් ආපු වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි කිසිම කෙනෙක්ට ඒ දේශයට යන්න ලැබෙන්නේ නැහැ.+ 12 කෙනිෂ්ෂිවරයෙක් වුණ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට+ සහ නූන්ගේ පුතා වන යොෂුවාට+ විතරයි ඒ දේශයට යන්න ලැබෙන්නේ. මොකද ඒ දෙන්නා යෙහෝවා වන මාව මුළු හිතින්ම විශ්වාස කළා.’+
-