2 සාමුවෙල් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ ගැන දැනගත්තාම දාවිත් යෝවාබ්වයි, එයාගේ මුළු හමුදාවයි සටනට පිටත් කරලා යැව්වා. එයාගේ හොඳම සෙබළුත් ඒ අතරේ හිටියා.+ 2 සාමුවෙල් 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ නිසා රජ එයාත් එක්ක හිටපු යුද හමුදාවේ ප්රධානියා වන යෝවාබ්ට+ මෙහෙම කිව්වා. “දාන් ඉඳන් බෙයර්ෂෙබා+ වෙන කල් ගිහින් ඊශ්රායෙල් දේශයේ හැම ගෝත්රයකම ඉන්න මිනිස්සුන්ව ලියාපදිංචි කරන්න. ඊටපස්සේ එයාලාගේ මුළු ගාණ මට දන්වන්න.” 1 රාජාවලිය 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත් ඒදොම්වරුන්ව පරාජය කරපු කාලේදී+ එයාගේ හමුදාවේ ප්රධානියා වුණ යෝවාබ් මැරුණ අයව වළලන්න ගියා. ඒ වෙලාවේ යෝවාබ් උත්සාහ කළා ඒදොම්වල හිටපු පුරුෂයන් හැමෝවම මරලා දාන්න. 1 ලේකම් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් මෙහෙම කියලා තිබුණා. “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන කෙනාව මම හමුදාවේ ප්රධානියා සහ අධිපතියෙක් විදිහට පත් කරනවා.” ෂෙරුයියාගේ පුතා යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන්න නිසා එයාව හමුදාවේ ප්රධානියා විදිහට පත් කළා.
7 ඒ ගැන දැනගත්තාම දාවිත් යෝවාබ්වයි, එයාගේ මුළු හමුදාවයි සටනට පිටත් කරලා යැව්වා. එයාගේ හොඳම සෙබළුත් ඒ අතරේ හිටියා.+
2 ඒ නිසා රජ එයාත් එක්ක හිටපු යුද හමුදාවේ ප්රධානියා වන යෝවාබ්ට+ මෙහෙම කිව්වා. “දාන් ඉඳන් බෙයර්ෂෙබා+ වෙන කල් ගිහින් ඊශ්රායෙල් දේශයේ හැම ගෝත්රයකම ඉන්න මිනිස්සුන්ව ලියාපදිංචි කරන්න. ඊටපස්සේ එයාලාගේ මුළු ගාණ මට දන්වන්න.”
15 දාවිත් ඒදොම්වරුන්ව පරාජය කරපු කාලේදී+ එයාගේ හමුදාවේ ප්රධානියා වුණ යෝවාබ් මැරුණ අයව වළලන්න ගියා. ඒ වෙලාවේ යෝවාබ් උත්සාහ කළා ඒදොම්වල හිටපු පුරුෂයන් හැමෝවම මරලා දාන්න.
6 දාවිත් මෙහෙම කියලා තිබුණා. “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන කෙනාව මම හමුදාවේ ප්රධානියා සහ අධිපතියෙක් විදිහට පත් කරනවා.” ෂෙරුයියාගේ පුතා යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන්න නිසා එයාව හමුදාවේ ප්රධානියා විදිහට පත් කළා.