17 අහිතොෆෙල්, අබ්සලොම්ට මෙහෙම කිව්වා. “සෙබළු 12,000ක් තෝරගන්න මට අවසර දෙන්න. අපි අද රෑම දාවිත් පස්සෙන් පන්නගෙන යන්නම්. 2 රජ හොඳටම මහන්සි වෙලා ඉද්දී මං එයා ඉන්න තැනට කඩා පනින්නම්.+ එතකොට එයා හොඳටම කලබල වෙයි. රජ එක්ක ඉන්න හැමෝමත් එයාව දාලා පැනලා යයි. රජ තනි වුණාම මම එයාව විතරක් මරලා දාන්නම්.+