27 රජගේ හමුදාවේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාංකවල විස්තර පහළින් තියෙනවා. ඒ සේනාංකවලට පෙළපත්වල ප්‍රධානීන්, දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීන්+ වගේම රජ වෙනුවෙන් ඒ සේනාංක බලාගත්ත නිලධාරීන්+ ඇතුළත් වුණා. අවුරුද්දේ හැම මාසෙකම ඒ සේනාංක මාරුවෙන් මාරුවට සේවය කළා. හැම සේනාංකයකම 24,000 ගාණේ හිටියා.