-
2 ලේකම් 6:32, 33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 “ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති විදේශිකයෙක් ඔබේ ශ්‍රේෂ්ඨ නම* ගැනයි,+ ඔබ ඔබේ මහත් බලය හරිම පුදුම විදිහට පාවිච්චි කරලා කරපු දේවල් ගැනයි අහලා ඈත දේශයක ඉඳන් ඇවිත් මේ ගෘහය දිහාවට හැරිලා යාච්ඤා කරන්න පුළුවන්.+ 33 එයාගේ ඒ යාච්ඤාවට ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඇහුම්කන් දීලා එයා ඉල්ලන හැම දෙයක්ම ඉටු කරලා දෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා. එතකොට ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වගේ පොළොවේ ඉන්න හැම කෙනෙක්මත් ඔබේ නම දැනගෙන,+ ඔබ ගැන ගරුබියක් ඇතුව ජීවත් වෙයි. ඒ වගේම මං හදපු මේ ගෘහය ඔබේ නමට ගෞරවයක් ගේනවා කියලත් එයාලා දැනගනියි.
-
-
යෙසායා 56:6, 7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 යෙහෝවාට සේවය කරන්නත්
යෙහෝවාගේ නාමයට ආදරය කරන්නත්+
ඔහුගේ සේවකයන් වෙන්නත් ඔහු ළඟට එන විදේශිකයන්ව,
සබත කඩ නොකර ඒක පවත්වන,
මගේ ගිවිසුම අත්හරින්නේ නැතුව ඒක රකින ඔවුන් හැමෝවම,
7 ඔව්, ඔවුන්වත් මම මගේ ශුද්ධ කන්දට ගේනවා.+
මගේ යාච්ඤා ගෘහයේදී ඔවුන්ට සතුටු වෙන්න සලස්වනවා.
මගේ පූජාසනයේ ඔවුන් ඔප්පු කරන දවන පූජා සහ අනිත් පූජා මම සතුටින් භාරගන්නවා.
මොකද මගේ ගෘහය හැම ජාතියකටම අයිති මිනිස්සු වෙනුවෙන් තියෙන යාච්ඤා ගෘහයක් විදිහට හඳුන්වනවා.”+
-