-
1 රාජාවලිය 12:28-30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 රජ ඒ ගැන උපදේශකයන් එක්ක කතා කළාට පස්සේ රන් වස්සන් දෙන්නෙක්ව හදලා+ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, හැම තිස්සේම යෙරුසලමට යන එක ඔයාලට අමාරුයි. මේ ඉන්නේ ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+ 29 ඊටපස්සේ එයා එක රූපයක් බෙතෙල්වලත්+ අනිත් රූපය දාන්වලත්+ තිබ්බා. 30 ඒක නිසා සෙනඟ බරපතළ වරදක් කරන්න පෙලඹුණා.+ මිනිස්සු වස්සාට නමස්කාර කරන්න දාන් වෙන කල් ගියා.
-
-
1 රාජාවලිය 13:33, 34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 ඒ දේවලින් පස්සෙවත් යෙරොබොවම් රජ දුෂ්ට විදිහට වැඩ කරන එක නැවැත්තුවේ නැහැ. එයා උස් තැන්වල සේවය කරන්න දිගටම සාමාන්‍ය මිනිස්සු අතරින් පූජකයන්ව පත් කළා.+ එයා පූජකයන් විදිහට සේවය කරන්න කැමති ඕනෙම කෙනෙක්ව “මෙයාටත් පූජකයෙක් වෙන්න පුළුවන්”+ කියලා එයාලව පූජකයන් විදිහට පත් කළා. 34 යෙරොබොවම්ගේ පෙළපතේ අය කරපු මේ බරපතළ වරද+ එයාලාගෙම විනාශයටත් පොළොවෙන් එයාලව අතුගාලා දාන්නත් හේතු වුණා.+
-