-
1 රාජාවලිය 15:25-29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 යූදාවල රජ වුණ ආසා රජකම් කරපු දෙවෙනි අවුරුද්දේ යෙරොබොවම්ගේ පුතා වුණ නාදාබ්+ ඊශ්‍රායෙල්වල රජ වුණා. එයා අවුරුදු දෙකක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා. 26 නාදාබ් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. එයා එයාගේ තාත්තාගේ අඩිපාරේ ගිහින්+ තාත්තාගේ බලපෑම නිසා ඊශ්‍රායෙල්වරු කරපු වරදම එයාත් කළා.+ 27 ඒ කාලේදී ඉසකාර් ගෝත්‍රයට අයිති අහියාගේ පුතා වුණ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයක් කළා. නාදාබ් ඊශ්‍රායෙල්වරු හැමෝමත් එක්ක ගිහින් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වැටලුවා. බාෂා ගිබ්බෙතොන්වලදී+ නාදාබ්ව මරලා දැම්මා. 28 බාෂා එයාව මැරුවේ යූදාවල රජ වුණ ආසා පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේ. ඊටපස්සේ බාෂා නාදාබ් වෙනුවට රජ වුණා. 29 බාෂා රජ වුණ ගමන්ම එයා යෙරොබොවම්ගේ පවුලට අයිති හැමෝවම මරලා දැම්මා. යෙරොබොවම්ගේ පවුලේ කාටවත් එයා බේරෙන්න ඉඩ දුන්නේ නැහැ. යෙහෝවා දෙවියන් ෂීලෝවල+ හිටපු ඔහුගේ සේවකයා වුණ අහියා මාර්ගයෙන් කියපු විදිහටම බාෂා යෙරොබොවම්ගේ පවුලේ අයව නැත්තටම නැති කරලා දැම්මා.
-