-
2 ලේකම් 18:18-22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඊටපස්සේ මිකායා මෙහෙම කිව්වා. “යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවියන් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා මං දැක්කා.+ ස්වර්ගයේ සේනාවන්+ ඔහුගේ දකුණු පැත්තෙත් වම් පැත්තෙත් හිටගෙන හිටියා.+ 19 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. ‘කාටද පුළුවන් ඊශ්රායෙල්වල රජ වන ආහබ්ව රවට්ටන්න? එයාව රැවැට්ටුවොත් යුද්ධ කරන්න එයා රාමොත්ගිලියද්වලට යයි. එහෙදී එයා මැරෙයි.’ ඉතින් එක දේවදූතයෙක් එක අදහසක් දුන්නා. තවත් දේවදූතයෙක් තව අදහසක් දුන්නා. 20 ඊටපස්සේ එක දේවදූතයෙක්+ යෙහෝවා ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වා. ‘මම එයාව රවට්ටන්නම්.’ එතකොට යෙහෝවා ඇහුවා ‘ඔයා කොහොමද ඒක කරන්නේ’ කියලා. 21 ඒ දේවදූතයා මෙහෙම උත්තර දුන්නා. ‘මම ගිහින් එයාගේ අනාගතවක්තෘවරු හැමෝවම බොරු කියන්න පොලඹවන්නම්.’ එතකොට දෙවියන් ‘යන්න, ගිහින් ඒක කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම එයාව රවට්ටන්න පුළුවන් වෙනවා’ කියලා කිව්වා. 22 ඒ නිසයි යෙහෝවා දේවදූතයෙක්ට ඉඩ දුන්නේ ඔබේ අනාගතවක්තෘවරුන්ව බොරු කියන්න පොලඹවන්න.+ ඒත් ඇත්තටම යෙහෝවා තීන්දු කරලා තියෙන්නේ ඔබට විපතක් ගේන්නයි.”
-
-
දානියෙල් 7:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 “මං බලාගෙන ඉද්දී සිංහාසන ගෙනත් තියෙනවා මං දැක්කා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ඇවිත් ඉඳගත්තා.+ ඔහුගේ ඇඳුම් හිම වගේ සුදුයි.+ ඔහුගේ හිසකෙස් පිරිසිදු ලොම් වගේ. ඔහුගේ සිංහාසනය හරියට ගිනිදලු වගේ. ඒකේ රෝද ඇවිළෙන ගින්නක් වගේ.+ 10 ඔහු ඉදිරියෙන් ගින්දර ගංගාවක් ගලාගෙන ගියා.+ දහස් ගාණක්* ඔහුට සේවය කරමින් හිටියා. ඔහු ඉස්සරහා මිලියන ගාණක්* හිටගෙන හිටියා.+ අධිකරණයේ+ වැඩ පටන්ගත්තා. ලියවිලි දිගහැරියා.
-