-
2 රාජාවලිය 4:32-35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 එලිෂා ගෙදරට ආවාම එයා දැක්කා දරුවාගේ මළ සිරුර එයාගේ ඇඳ උඩ තියලා තියෙනවා.+ 33 එයා තනියම කාමරේ ඇතුළට ගිහින් දොර වහලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න පටන්ගත්තා.+ 34 ඊටපස්සේ එයා ඇඳට නැඟලා එයාගේ අත් දරුවාගේ අත් උඩත් එයාගේ කට දරුවාගේ කටටත් එයාගේ ඇස් දරුවාගේ ඇස් උඩත් හිටින විදිහට දරුවා උඩ හාන්සි වුණා. ඊටපස්සේ එයා දරුවාව බදාගත්තා. එතකොට දරුවාගේ ශරීරය උණුසුම් වෙන්න පටන්ගත්තා.+ 35 ඊටපස්සේ එලිෂා ගේ* ඇතුළේ එහෙට මෙහෙට ඇවිද්දා. එයා ආයෙත් ඇඳට නැඟලා දරුවාව බදාගත්තා. එතකොට දරුවා හත් පාරක් කිඹුහුම් ඇරියා. ඊටපස්සේ එයා ඇස් ඇරියා.+
-