-
නික්මයාම 14:21, 22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 මෝසෙස් එයාගේ අත මුහුද දිහාවට දික් කළා.+ යෙහෝවා දෙවියන් ඒ වෙලාවෙම නැඟෙනහිර පැත්තෙන් තද හුළඟක් එව්වා. මුළු රෑම හුළඟ හැමුවා. ඒ හුළඟ නිසා මුහුද ටිකෙන් ටික දෙබෑ වෙලා+ මුහුදු පතුල මතු වුණා.+ 22 මුහුද මැදින් හැදුණ වියළි පාර දිගේ ඊශ්‍රායෙල්වරු ඇවිදගෙන ගියා.+ ඒ පාර දෙපැත්තේ මුහුදේ වතුර තිබුණේ හරියට පවුරක් වගෙයි.+
-