-
2 ලේකම් 23:18-21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඊටපස්සේ යෙහෝයාදා යෙහෝවා දෙවියන්ගේ ගෘහය බලාගන්න වගකීම පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි භාර දුන්නා. දාවිත් එයාලව තමයි කණ්ඩායම්වලට බෙදලා යෙහෝවා දෙවියන්ගේ ගෘහය බලාගන්නත් මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් වුණ විදිහට+ යෙහෝවාට දවන පූජා ඔප්පු කරන්නත් පත් කරලා තිබුණේ.+ පූජා ඔප්පු කරද්දී දාවිත් මඟ පෙන්නලා තිබුණ විදිහට සතුටින් ගී ගායනා කරන එකත් එයාලාගෙන් බලාපොරොත්තු වුණා. 19 යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අපවිත්ර කාටවත් ඇතුල් වෙන්න බැරි වෙන්න ගෘහයේ දොරටු ළඟ දොරටු පාලකයන්වත්+ යෙහෝයාදා රැඳෙව්වා. 20 ඊටපස්සේ එයා සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්රධානීවයි,+ වංශවත් අයවයි, පාලකයන්වයි, මුළු සෙනඟවයි එකතු කරගෙන රජව යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් එක්කගෙන ගියා. එයාලා ඉහළ දොරටුවෙන් ඇතුල් වෙලා රජමාලිගාවට ඇවිත් රජව සිංහාසනයේ ඉන්දෙව්වා.+ 21 ඉතින් දේශයේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා. නගරයෙත් සාමකාමී වාතාවරණයක් තිබුණා. මොකද එයාලා අතලියාව කඩුවෙන් මරලා දාලා තිබුණේ.
-