-
2 රාජාවලිය 21:19-24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 ආමොන්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 22යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු දෙකක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම මෙෂුල්ලෙමෙත්. එයා යොත්බාවල කෙනෙක් වුණ හාරුෂ්ගේ දුව. 20 ආමොන් එයාගේ තාත්තා වුණ මනස්සේ කලින් කළා වගේ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 21 එයාත් එයාගේ තාත්තාගේ අඩිපාරේම තමයි ගියේ. එයාගේ තාත්තා වැඳ වැටිලා නමස්කාර කරපු පිළිකුල් රූපවලට එයාත් දිගටම නමස්කාර කළා.+ 22 ඒ විදිහට ආමොන් එයාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරියා. එයා යෙහෝවා පෙන්නපු පාරේ ගමන් කළේ නැහැ.+ 23 ඔහොම යද්දී ආමොන්ගේ සේවකයෝ එයාට විරුද්ධව කුමන්ත්රණය කරලා එයාගෙම මාලිගාවේදී එයාව මරලා දැම්මා. 24 ඒත් දේශයේ මිනිස්සු එකතු වෙලා ආමොන්ට විරුද්ධව කුමන්ත්රණය කරපු හැමෝවම මරලා ආමොන්ගේ පුතා වුණ යොෂියාව රජකමට පත් කළා.+
-