-
2 රාජාවලිය 22:3-6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 යොෂියා රජ පාලනය කරපු 18වෙනි අවුරුද්දේදී එයා ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන්ව යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යැව්වා.+ ෂාපාන් කියන්නේ මෙෂල්ලම්ගේ පුතා වුණ අෂලියාගේ පුතා. රජ ෂාපාන්ට මෙහෙම කිව්වා. 4 “යෙහෝවා දෙවියන්ගේ ගෘහයට මිනිස්සු ගෙනාපු සල්ලි දොරටු පාලකයන් එකතු කරලා තියෙනවා.+ දැන් ඔයා ගිහින් උත්තම පූජක හිල්කියාට+ කියන්න ඒ ඔක්කොම සල්ලි එකතු කරගන්න කියලා.+ 5 ඒ සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අලුත්වැඩියා කටයුතු බලාගන්න පත් කරලා ඉන්න අයට භාර දෙන්න කියන්න. ඒ අයට පුළුවන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කැඩුණ බිඳුණ තැන් හදන අයගේ කුලී ගෙවන්න ඒ සල්ලි පාවිච්චි කරන්න.+ 6 වඩුවන්ටයි, ඉදි කිරීම් වැඩ කරන අයටයි, බිත්ති බඳින අයටයි ඒ සල්ලිවලින් කුලී ගෙවන්න පුළුවන්. ගෘහය අලුත්වැඩියා කරන්න ඕනෙ කරන ලී සහ කපපු ගල් ගන්නත් ඒ සල්ලි පාවිච්චි කරන්න.+
-