-
1 රාජාවලිය 7:13, 14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 සලමොන් රජ පණිවිඩයක් යවලා තීර්වල පදිංචි වෙලා හිටපු හීරාම්ව+ ගෙන්නගත්තා. 14 එයාගේ අම්මා නෆ්තලී ගෝත්‍රයට අයිති කෙනෙක්ගේ වැන්දඹුවක්. තඹ කර්මාන්තය කරපු+ එයාගේ තාත්තා තීර්වල කෙනෙක්. හීරාම් හරිම දක්ෂ කර්මාන්තකරුවෙක්. තඹ* කර්මාන්තය ගැන එයාට හොඳ දැනුමක්+ සහ අද්දැකීම් තිබුණා. ඉතින් එයා සලමොන් රජ ළඟට ඇවිල්ලා එයාට භාර දීපු හැම වැඩක්ම කළා.
-
-
2 ලේකම් 4:11-16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 අළු දාන්න භාජන, සවල් සහ බඳුනුත් හීරාම් හැදුවා.+
සැබෑ දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් සලමොන් රජ එයාට හදන්න කියලා කියපු හැම දෙයක්ම එයා හැදුවා.+ එයා හැදුව දේවල් තමයි මේ: 12 කුලුනු දෙකයි,+ ඒ කුලුනු උඩ තියන්න වැඩ දාපු ගෝලාකාර කොටස් දෙකයි, ගෝලාකාර කොටස් දෙක සරසන්න දැල් දෙකයි,+ 13 දැල් දෙකේ එල්ලන්න දෙළුම් ගෙඩි 400කුයි+ හැදුවා. එක දැලකට දෙළුම් ගෙඩි පේළි දෙකක් අල්ලලා තිබුණා. කුලුනු උඩ තිබුණ ගෝලාකාර කොටස් සරසන්න තමයි ඒවා හැදුවේ.+ 14 කරත්ත* දහයයි, ඒ කරත්ත උඩ තියන්න භාජන දහයයි,+ 15 මුහුද කියලා හඳුන්වපු විශාල භාජනයයි, ඒ භාජනය රඳවලා තියන්න ගොනුන් 12දෙනායි හැදුවා.+ 16 අළු දාන්න භාජන, සවල්, විශාල ගෑරුප්පු+ සහ අවශ්‍ය අනිත් උපකරණත් එයා හැදුවා. සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදන්න කියපු හැම දෙයක්ම හීරාම්ආබිව්+ තඹවලින් හදලා ඒවා හොඳට ඔප දැම්මා.
-