-
2 රාජාවලිය 19:35-37ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
35 එදා රෑම යෙහෝවා දෙවියන්ගේ දූතයා ඇවිත් ඇසිරියානු කඳවුරේ හිටපු සෙබළු එක්ලක්ෂ අසූපන්දාහක් මරලා දැම්මා.+ මිනිස්සු උදේ පාන්දර නැඟිටලා බලද්දී හැම තැනම මළ කඳන් දකින්න තිබුණා.+ 36 ඉතින් ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් එතනින් පිටත් වෙලා ආපහු නිනිවයට+ ගිහින් එහෙට වෙලා හිටියා.+ 37 දවසක් එයා එයාගේ දෙවි වුණ නිස්රොක්ගේ දේවාලයේ වැඳ වැටිලා නමස්කාර කරකර ඉද්දී අද්රම්මෙලෙක් සහ ෂරෙෂෙර් කියන එයාගෙම පුතාලා දෙන්නා එයාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා.+ ඊටපස්සේ එයාලා අරරත් දේශයට පැනලා ගියා.+ සෙනකෙරිබ්ට පස්සේ එයාගේ පුතා වුණ ඒසර්හද්දොන්+ රජකමට පත් වුණා.
-
-
යෙසායා 37:37, 38ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
37 ඉතින් ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් එතනින් පිටත් වෙලා ආපහු නිනිවයට+ ගිහින් එහෙට වෙලා හිටියා.+ 38 දවසක් එයා එයාගේ දෙවි වුණ නිස්රොක්ගේ දේවාලයේ වැඳ වැටිලා නමස්කාර කරකර ඉද්දී අද්රම්මෙලෙක් සහ ෂරෙෂෙර් කියන එයාගෙම පුතාලා දෙන්නා එයාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා.+ ඊටපස්සේ එයාලා අරරත්+ දේශයට පැනලා ගියා. සෙනකෙරිබ්ට පස්සේ එයාගේ පුතා වුණ ඒසර්හද්දොන්+ රජකමට පත් වුණා.
-